මෙහෙමත් පෙම්වතියක් - වෙනත් විවාහයක් කරගන්න තම පෙම්වතාව අවසන් ගමන් යැවූ තරුණියට අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

මෙහෙමත් පෙම්වතියක් - වෙනත් විවාහයක් කරගන්න තම පෙම්වතාව අවසන් ගමන් යැවූ තරුණියට අත්වුණු ඉරණම

මෙහෙමත් පෙම්වතියක් - වෙනත් විවාහයක් කරගන්න තම පෙම්වතාව අවසන් ගමන් යැවූ තරුණියට අත්වුණු ඉරණම

වස දී තම පෙම්වතා ඝාතනය කළ කේරළ තරුණියකට එරට අධිකරණය මරණ දඬුවම ලබාදී තිබේ.

 

පෙම්වතා මරා දැමීමෙන් වසර දෙකකට පසුව 24 හැවිරිදි මෙම තරුණියට මරණ දඬුවම නියම විය. 2022දී ආයුර්වේද ඖෂධ පානයකට වල්නාශකයක් මිශ්‍රකර ලබාදීම නිසා දින 11කට පසුව පෙම්වතා මරණයට පත්ව තිබේ.

 

ග්‍රිෂ්මා නමැති මෙම තරුණිය මීට පෙර පලතුරු යුෂවලට පැරසිටමෝල් පෙති කුඩු කර සිය පෙම්වතාට ලබාදීමට උත්සාහ කර ඇතත් පෙම්වතා එහි තිත්ත ගතිය නිසා එම පානය ප්‍රතික්ෂේප කර ඇත.

 

තමිල්නාඩුවේ හමුදා නිලධාරියකු සමග විවාහ වීමට මෙම තරුණිය මේ පෙම් සබඳතාව වැළැක්වීම සඳහා උත්සාහ කළද මියගිය පෙම්වතා එය ප්‍රතික්ෂේප කර තිබේ. එනිසා මෙලෙස වස දී ඝාතනය කර තිබේ.

views

239 Views

Comments

arrow-up