ෆලෝවර්ස්ලා වැඩි කරගන්න 34 හැවිරිදි මව සිදුකල හිතාගන්නවත් බැරිදේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

ෆලෝවර්ස්ලා වැඩි කරගන්න 34 හැවිරිදි මව සිදුකල හිතාගන්නවත් බැරිදේ

ෆලෝවර්ස්ලා වැඩි කරගන්න 34 හැවිරිදි මව සිදුකල හිතාගන්නවත් බැරිදේ

සිය අනුගාමිකයින් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා තමන්ගේම දරුවාට වස දීම සම්බන්ධයෙන්, ඔස්ට්‍රේලියානු සමාජ මාධ්‍ය බලපෑම්කාරිනියකට චෝදනා එල්ල වී තිබෙනවා.

 

ඇය මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ අනුගාමිකයින් ප්‍රමාණය වැඩිකර ගැනීමට මෙන්ම පරිත්‍යාග ලබාගැනීමේ අරමුණ ඇතිව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

මේ සම්බන්ධයෙන් අදාළ 34 හැවිරිදි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ සිය දරුවා මාරාන්තික රෝගයක් සමඟ පසුවන බැවින්, තමන් එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවයි.

 

නමුදු, ඇය විසින් අවුරුද්දක් වයසැති දරුවාට මත්ද්‍රව්‍ය ලබා දී ‘දැඩි පීඩාවකින් සහ වේදනාවෙන්’ පෙළෙන දරුවාව රූගත කළ බවටයි චෝදනා එල්ලව ඇත්තේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අනාවරණය වී තිබුණේ ගෙවුණු ඔක්තෝබර් මාසයේදී යි.

 

පසුව සිදුකරන ලද මාස ගණනක විමර්ශනවලින් පසුවයි අදාළ කාන්තාවට වධහිංසා පැමිණවීම, වස ලබා දීම, ළමා ශ්‍රමය සූරාකෑම සහ වංචාව යන චෝදනා එල්ලව ඇත්තේ.

 

ඒ අනුව අදාළ කාන්තාව විසින් අගෝස්තු සහ ඔක්තෝබර් අතර කාලයේදී කිසිදු අනුමැතියකින් තොරව දරුවාට බෙහෙත් වට්ටෝරු කිහිපයක් ම ලබාදී ඇති බවත් සඳහන්.

 

එමෙන්ම ඇය අනවසර ඖෂධ ලබා ගැනීමට මහත් වෙහෙසක් දරා ඇති අතර නිවසේ වෙනත් පුද්ගලයෙකුගේ ඉතිරි වූ ඖෂධ ද දරුවාට ලබාදී තිබෙනවා.

 

අදාළ ඖෂධ හේතුවෙන් දැඩිව රෝගාතුර වූ දරුවාව රෝහල්ගත කිරීමෙන් පසුව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ ඔක්තෝබර් 15 වන දිනයි. එතැන් පටන් දැඩි ශාරීරික පීඩාවන් හේතුවෙන් ප්‍රතිකාර ලද දරුවා තරමක ධනාත්මක ප්‍රතිචාර දක්වන ලද්දේ ජනවාරි මාසයේ දී බවත් සඳහන්.

 

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ක්වීන්ස්ලන්ත පොලිස් රහස් පරීක්ෂක පෝල් ඩෝල්ටන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, මෙවැනි ආකාරයේ පිළිකුල් සහගත අපරාධ විස්තර කිරීමට තරම් වචන නොමැති බවයි.

 

දරුවාගේ අසනීප පෙන්වා අදාළ කාන්තාව GoFundMe පිටුවක් හරහා ඔස්ට්‍රේලියානු ඩොලර් 60,000 ක මුදලක් රැස් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙනත් පුද්ගලයින් කෙරෙහි ද පොලිසිය අවධානය යොමුකර ඇති නමුත් වෙනත් කිසිවෙකුට චෝදනා කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් සඳහන්.

 

එමෙන්ම ඇයගේ මෙම චෝදනාවන්ට අදාළ කාන්තාව හෙට බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව‍යි වාර්තා වන්නේ.

views

230 Views

Comments

arrow-up