සුපිරි බොලිවුඩ් නලු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

සුපිරි බොලිවුඩ් නලු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්

සුපිරි බොලිවුඩ් නලු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

 

අද අලුයම 2.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර සයිෆ් අලී ඛාන් මේ වන් විට මුම්බායි හිලීලාවතී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

 

සයිෆ් අලි ඛාන්ගේ බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් සහ ජේ සමඟ නිදා සිටියදී සැකකරු අනවසරයෙන් නිවසට ඇතුළු වී තිබෙනවා.

 

පසුව නළුවා සහ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති ව ඇති අතර, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට කිහිප වතාවක් පිහියෙන් ඇන අපරාධ ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි පරීක්ෂණ මෙහෙයවන පොලීසිය පවසන්නේ.

 

සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් සහ පුතුන් දෙදෙනා නව අවුරුදු උදාව සැමරීම සඳහා පසුගියදා ස්විට්සර්ලන්තයට ගොස් සිටි අතර, නළුවා සහ ඔහුගේ පවුලේ අය පසුගිය සතියේ මුම්බායි වෙත ආපසු පැමිණ තිබුණා

views

175 Views

Comments

arrow-up