ආච්චිගේ තුන්මාසේ දානෙට දෙන්න කලු‍තර බොධියෙන් සිවුරක් ඉස්සූ අපුරු බැතිමතා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ආච්චිගේ තුන්මාසේ දානෙට දෙන්න කලු‍තර බොධියෙන් සිවුරක් ඉස්සූ අපුරු බැතිමතා

ආච්චිගේ තුන්මාසේ දානෙට දෙන්න කලු‍තර බොධියෙන් සිවුරක් ඉස්සූ අපුරු බැතිමතා

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ මිත්තණියගේ තෙමස් දානමය පිංකමකට පූජා කිරීම සඳහා කළුතර බෝධියේ පහත මළුවේ විහාර මන්දිරයට පූජා කර තිබූ සිවුරක් සොරා ගත් මදුරු මර්දන සහායකයකු කළුතර දකුණ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

 

මීට මාස දෙකහමාරකට පමණ ඉහත දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ මියගිය මිත්තණියගේ අවමඟුල් උත්සවයට සහභාගි වීමට නොහැකි වූ නිසා ඇගේ තෙමස් දානමය පිංකමට සහභාගිවී පූජා කිරීම සඳහා සිවුර සොරාගත් බව මදුරු මර්දන සහායකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය අනාවරණය කරගෙන ඇත.

 

සැකකරු සිවුර සොරා ගන්නා අයුරු දුටු බෝධි පරිශ්‍රය පිරිසුදු කිරීමේ නිරත සේවකයකු බෝධි පරිශ්‍ර පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්ෂක අජිත් අමරතුංගට කරන ලද දැනුම්දීමක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ බෑගයේ තිබූ සිවුර ද සිය භාරයට ගෙන ඇත.

 

බැතිමතුන් විසින් පූජා කරන ලද සිවුරු ඇතුළු අනෙකුත් භාණ්ඩ පහත මළුවේ වීදුරු කබඩ් එකක තැන්පත් කර තිබෙන බවත් අගුළු නොදා තිබෙන එම වීදුරු කබඩ් එක විවෘත කළ සැකකරු සිවුර සොරා ගෙන තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු කලුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත සේවය කරන අයෙකි. 44 හැවිරිදි සැකකරු බුලත්සිංහල කුඩලිගම පදිංචිකරුවෙකි.

 

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ උපදෙස් මත කළුතර බෝධි පරිශ්‍රයේ උප පොලිස් පරීක්ෂක අජිත් අමරතුංග ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

views

333 Views

Comments

arrow-up