“මගේ මේ .......... සුරේන් ටීචර් වග කියන්න ඕනේ” - ලියුමක් ලියා තබා සිසුවා කරගත් අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

“මගේ මේ .......... සුරේන් ටීචර් වග කියන්න ඕනේ” - ලියුමක් ලියා තබා සිසුවා කරගත් අපරාධය

“මගේ මේ .......... සුරේන් ටීචර් වග කියන්න ඕනේ” - ලියුමක් ලියා තබා සිසුවා කරගත් අපරාධය

“මගේ මේ මරණයට සුරේන් ටීචර් වග කියන්න ඕනෑ” යැයි ලිපියක් ලියා තබා වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

 

ඥාණප්‍රකාසම් නිරෝෂන් නැමති එම ශිෂ්‍යයා කිසිදු හේතුවකින් තොරව සියදිවි හානි කර ගැනීමෙන් පසුව දෙමව්පියන් හා පොලීසිය විසින් ඔහුගේ පොත් බෑගය පරීක්ෂා කළ අවස්ථාවේදී ශිෂ්‍යයා විසින් ලියන ලද ලිපිය ඔහුගේ පොතක් ඇතුළත තිබියදී හමු වී තිබේ.

 

නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේදී එම ශිෂ්‍යයා ගෙළ වැළලාගෙන මියගොස් ඇති අතර නිවැසියන් පැමිණි පසුව දරුවා මියගොස් ඇති අන්දම දැක ඒ පිළිබදව පොලීසියට පැමිණිලිකොට තිබේ.

 

මියගිය ශිෂ්‍යයා වවුනියාව කෝවිල්පුදුකුලම් විද්‍යාලයේ 10 වෙනි වසරේ ඉගෙණුම ලබමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇති අතර වවුනියාව පොලීසිය සදහන් කළේ සිසුවා විසින් නම සදහන් කොට අති ගුරුවරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවා ඇති බවයි.


වවුනියාව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම මරණය ගෙල වැලලා ගැනීමෙන් හුස්ම හිරවීමෙන් හා අධික කම්පනයෙන් සිදු වූ මරණයක් බවට වාර්තා කොට තිබේ.

 

views

2244 Views

Comments

arrow-up