“මාව හොස්පිටල් ගිහිල්ලා දාන්න අයියෝ කියලා එදා රඟපාල මම ජීවිතේ බේර ගත්තා-” කහඳගම බේරේ වැව ලඟට ඇවිත් කියූ කතාව (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

“මාව හොස්පිටල් ගිහිල්ලා දාන්න අයියෝ කියලා එදා රඟපාල මම ජීවිතේ බේර ගත්තා-” කහඳගම බේරේ වැව ලඟට ඇවිත් කියූ කතාව (VIDEO)

“මාව හොස්පිටල් ගිහිල්ලා දාන්න අයියෝ කියලා එදා රඟපාල මම ජීවිතේ බේර ගත්තා-” කහඳගම බේරේ වැව ලඟට ඇවිත් කියූ කතාව (VIDEO)

“මාව හොස්පිටල් ගිහිල්ලා දාන්න අයියෝ, කියලා එදා රඟපාල මම ජීවිතේ බේර ගත්තා අරගලය සමරන්න කවුරුත් නෑ, අරගලයට වසරයි” බේරේ වැව ළඟදී මාධ්‍ය හමුවක් පවත්වමින් පොහොට්ටුවේ හිටපු කොළඹ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම වසරකට පෙර අරගලේ අත්දැකීම් මාධ්‍යයට සිහිකළා.


“එදා මෙතන බස් ගිනි තියද්දී මම බලාගෙන හිටියා, අරගල කාරයෝ මට ගහද්දි, මම ගුටි කාලා රඟපෑමක් කරලා ජීවිතේ බේර ගත්තා.


මාව හොස්පිටල් දාන්න හයියෝ. ඒක තමයි මගේ අනාගත දේශපාලන ස්ලෝගන් එක කහඳගම පැවසීය.


අරගල කාරයෝ ගැන මට ඇත්තටම දුකයි, ඒ අය ආවා නම් මම ඒගොල්ලන්ගෙ සහයට සහයට එනවා’ අරගල කළේ කුමන්ත්‍රණයක්, අරගල කාරයෝ ඒ කුමන්ත්‍රණයේ දැනගෙන හිටියේ නෑ, අරගල කෙරුවෙ නායකත්වයක් නැතුව වෙන වෙන අරමුණු වල ඉඳලා, ඒකයි අරගලයට මෙහෙම වුණේ. අවුරුද්දක් ගත වෙන වෙලාවේ මට අරගල කාරයෝ ගැන ඇත්තටම ලොකු දුකක් හිතෙනවා.


අරගලය නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ, මම දැන් ජනප්‍රියයි, අද මගේ රූපය දාලා කේක් එහෙමත් හදලා. මට දේශපාලනය කරන්න පුළුවන්, මම ඡන්ද ඉල්ලලා කොළඹින් පළවෙනියා වෙනවා” හිටපු මන්ත්‍රී කහඳගම එලෙස අභියෝග කළා.

 

 

views

306 Views

Comments

arrow-up