සංචාරක හෝටලයේ සිටි සිඟිති දරුවා නින්දෙන් ඇවිදින්නට ගොස් දෙවැනි මහලෙන් වැටී අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

සංචාරක හෝටලයේ සිටි සිඟිති දරුවා නින්දෙන් ඇවිදින්නට ගොස් දෙවැනි මහලෙන් වැටී අවසන් ගමන් යයි

සංචාරක හෝටලයේ සිටි සිඟිති දරුවා නින්දෙන් ඇවිදින්නට ගොස් දෙවැනි මහලෙන් වැටී අවසන් ගමන් යයි

අහුංගල්ලේ සංචාරක හෝටල් කාමරයක සිය පියා සහ සහෝදරයා සමඟ ලැගුම්ගෙන සිටි අවුරුදු 04ක දරුවෙක් නින්දෙන් ඇවිදින්නට ගොස් දෙවැනි මහලින් බිමට වැටී තුවාල ලබා පෙරේදා (14) අලුයම් කාලයේදී කරාපිටිය රෝහලට ඇතුළත්කර ඇත.



මෙම දරුවාගේ පියා කුරුණෑගල පරිගණක අලෙවි ස්ථානයක හිමිකරුවෙකි.

 


මෙරට ප්‍රධාන පෙළේ සමාගමක පරිගණක අලෙවි නියෝජිතයෙක් ලෙසද ඔහු කටයුතු කරනු ලබයි. එම සමාගමෙන් ඔහුට පවුලේ සාමාජිකයන් සමඟ දින තුනක් ගත කිරීමට දිරිගැන්වීමේ දීමනාවක් ලෙස හෝටල් කාමරය වෙන්කර දී තිබේ. අදාළ සමාගමෙන් දිරිගැනීමක් ලෙස ලද කාමරයට අමතරව තවත් කාමර තුනක් වෙන් කරගත් ඔවුන් දකුණේ සංචාරය කරමින් විනෝදයෙන් කාලය ගතකර ඇත.



දරුවාගේ මව දියණිය සමඟ හෝටලයේ එක් කාමරයකත් සිව් හැවිරිදි මෙම දරුවාත් 07 හැවිරිදි දරුවාත් සමඟ පියා දෙවැනි මහලේ ඇති වෙනම කාමරයකත් ලැගුම්ගෙන සිට ඇති බව පොලිසිය කියයි. සිව් හැවිරිදි දරුවා පෙරේදා (14) අලුයම් කාලයේ දී කාමරයේ දොරක් විවර කරගෙන නින්දෙන් ඇවිදගෙන ගොස් කොරිඩෝව දිගේ ගමන්කර ඇති බව පොලිසිය කියයි.

 


අනතුරුව ඔහු කොරිඩෝවේ අඩි දෙකහාමාරක් පමණ උස බැම්මට නැඟී ඇවිද ගොස් ඇති බව ද පොලිසිය කියයි.



එහි දී දරුවා පස ලිස්සා බැම්මෙන් බිමට වැටී තිබේ. දරුවා වැටී ඇත්තේ හෝටලයට ඇතුළුවන කොරිඩෝ කොටසට බවත් එත් එක්කම දරුවාව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් ජීවිතයට අනතුරක් සිදුව නැති බවත් පොලිසිය කියයි. මේ වන විට එම දරුවා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් සිටින බව රෝහල් තොරතුරු සඳහන් කෙළේය.

views

261 Views

Comments

arrow-up