හිරු නොබසින අධිරාජ්‍යයේ ඡන්දයකින් දිනූ ලාංකික කාන්තාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

හිරු නොබසින අධිරාජ්‍යයේ ඡන්දයකින් දිනූ ලාංකික කාන්තාව (PHOTOS)

හිරු නොබසින අධිරාජ්‍යයේ ඡන්දයකින් දිනූ ලාංකික කාන්තාව (PHOTOS)

බ්‍රිතාන්‍යයේ පසුගියදා පැවැති ප්‍රාදේශීය මැතිවරණයේදී සෙවන්ක්ස් දිස්ත්‍රික් කවුන්සිලයේ ඈෂ් ඇන්ඞ් නිව් ඈෂ් ග්‍රීන් ආසනයට තරග කළ ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ෂානි මනම්පේරි මහත්මිය එම ආසනය නියෝජනය කිරීම සදහා තේරී පත් වූවාය.

 

ෂානි මනම්පේරි ව්‍යාපාරික කාන්තාවක වන අතර නිව් ඈෂ් ග්‍රීන් ගම්මානයේ බේකරියක හිමිකාරියකි.

 

ෂානි මනම්පේරි මහත්මිය එහිදී ඡන්ද 1018 ක් ලබා ගනිමින් එම ආසනයේ දෙවැනි ස්ථානය ලබාගත්තාය.

 

ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 22 කි. එම ආසනයේ ප්‍රථම ස්ථානය ලෝරා මැන්ස්ටන් මහත්මිය දිනාගත් අතර ඇය ලැබූ ඡන්ද සංඛ්‍යාව 1066 කි.

 

එය ප්‍රතිශතයක් ලෙස සියයට 23 ක් වේ. තෙවැනි ස්ථානය මාර්ක් ලින්ඩොප් මහතා දිනාගත් අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 918 කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20 කි. විශේෂත්වය නම් තිදෙනාම හරිත පක්ෂය නියෝජනය කිරීමයි.

 

ප්‍රාදේශීය මැතිවරණයේ ඡන්ද නීති අනුව වැඩිපුර ඡන්ද ලබාගන්නා තිදෙනාම ආසනය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබති.

 

views

203 Views

Comments

arrow-up