බියුටි සැලුන් වලට රිංගා මුදල් පසුම්බි සොරකම් කරන හෙර හසුවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

බියුටි සැලුන් වලට රිංගා මුදල් පසුම්බි සොරකම් කරන හෙර හසුවූ හැටි

බියුටි සැලුන් වලට රිංගා මුදල් පසුම්බි සොරකම් කරන හෙර හසුවූ හැටි

රූපලාවන්‍යාගාර තුළට රූපලාවන්‍ය කටයුතු කර ගැනීමේ මුවාවෙන් පැමිණ වටිනා දේ අඩංගු බෑග් සොරාගෙන යන කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

රූපලාවන්‍ය කටයුතු සිදු කරන්නට එන අය ගමන් මළු පැත්තක තබා තම කාර්යයන් සිදු කරද්දී එම ගමන් මළු පිළිබඳ අවධානය අඩුවීමේ වාසිය උපයෝගී කරගෙන එතැනට රූපලාවන්‍ය කටයුතු කරන්නට ආ තවත් අයෙකු ලෙස පෙනී සිටිමින් අන්අයගේ අවදානය අඩු අවස්ථාවල මෙම සොරකම සිදු කරන්නට මේ කියන කාන්තාව කටයුතු කර තිබුණි.

 

අවිස්සාවේල්ල, ගම්පොල, බොරලැස්ගමුව හා වරකාපොල ස්තාන ගනනාවක මෙම සොරකම ජයටම කරගෙන ගොස් තිබුණ කාන්තාව හසුවන්නේ අවිස්සාවේල්ල පිහිටි රූපලාවණ්‍යාගාරයකට පැමිණ එකී රූපලාවන්‍යාගාර හිමිකාරියගේ පසුම්බිය සොරකම් කරන්නට යාමෙනි.

 


මුදල් පසුම්බි සොරා ගන්නා කාන්තාවක ගැන මින් ඉහත පැමිණිලි කර සීසීටීවී වාර්තාද ලබාගෙන පරීක්ෂණ කරමින් සිටි පොලිසියට අවසානයේ සියල්ල සැලසුම්සහගතව සිදුකරන කාන්තාව අල්ලාගන්නට හැකි විය.

 


කොණ්ඩය සැකසීමට අවශ්‍ය බව පවසමින් රූපලාවන්‍යාගාර තුළට පැමිණි මෙම කාන්තාව විසින් මුදල් පසුම්බි සොරකම් කොට එහි තිබෙන බැංකු කාඩ්පත් උපයෝගී කරගෙන විවිධ ස්ථානවලින් භාණ්ඩ මිල දී ගෙන ඇති බවට ද කරුණු හෙළි වී ඇත.

 

ඇය අල්ලාගන්නට හැකිවූ අවිස්සාවේල්ල පසුම්බි සොරකමේදී පමණක් බැංකු කාඩ් පත යොදා රුපියල් 143000ක වටිනාකමින් යුතු භාණ්ඩ හෝමාගම මහරගම ප්‍රදේශවල වෙළඳසැල්වලින් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබෙයි.



මෙම කාන්තාව විසින් සොරාගන්නා බැංකු කාඩ්පත් යොදාගෙන රන්භාණ්ඩ, ජංගම දුරකථන, නිමි ඇඳුම් මිල දී ගැනීමට ද කටයුතු කර ඇති අතර ඇය පොලිසියේදී මේ සියල්ල පාපොච්චාරණය කර තිබේ.
අත්අඩංගුවට පත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

views

310 Views

Comments

arrow-up