උපන්දිනය දා කේක් කැපූ පිහියෙන්ම පෙම්වතා අතින් ඝාතනය වූ පෙම්වතියගේ අනුවේදනීය කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

උපන්දිනය දා කේක් කැපූ පිහියෙන්ම පෙම්වතා අතින් ඝාතනය වූ පෙම්වතියගේ අනුවේදනීය කථාව

උපන්දිනය දා කේක් කැපූ පිහියෙන්ම පෙම්වතා අතින් ඝාතනය වූ පෙම්වතියගේ අනුවේදනීය කථාව

පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වනවා.

 

පසුගිය (21) එම ඝාතනය සිදුවී ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හොතනය කර ඇති බවයි.


වසර 6ක පුරා මොවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස සිට ඇති බවත් මොවුන්ගේ පවුල් අතර ඥාතිත්වයක් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

 

ඝාතනය සිදුකළ ප්‍රශාන්ත් පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඔහුගේ පෙම්වතිය වන නව්‍යා පොලිස් සහායිකාවක් ලෙස සේවය කර ඇති අතර සිය පෙම්වතියට වෙනත් සබඳතාවයක් තිබෙන බවට ඇති වූ සැකයත් සමග දෙදෙනා අතර නිරන්තර ආරවුල් ඇති වී ඇති බවද හෙළි වී තිබෙනවා.


කෙසේ වෙතත් පසුගිය 21 වනදා නව්‍යාගේ උපන්දිනය යෙදී තිබීම හේතුවෙන් මොවුන් දෙදෙනා එකතු වී එය සමරා තිබෙනවා.


එම අවස්ථාවේ දී ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ප්‍රශාන්ත් විසින් නව්‍යා ට කෙක් කැපූ පිහියෙන් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වනවා.

views

459 Views

Comments

arrow-up