මත්පැන් බී පාසලට මාට්ටු වුණු සිසුවාට ලැබුණු අපූරු දඩුවම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

මත්පැන් බී පාසලට මාට්ටු වුණු සිසුවාට ලැබුණු අපූරු දඩුවම

මත්පැන් බී පාසලට මාට්ටු වුණු සිසුවාට ලැබුණු අපූරු දඩුවම

ඉකුත් වසරේ ලෝක ළමා දිනය දා තවත් සිසු සිසුවියන් කිහිප දෙනකු සමග එක්වී පාසලේදී මත්පැන් පානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වා කලාපයේ වෙනත් පාසලකට මාරුකර යැවූ සිසුවකු ත්‍රිකුණාමලය මානව හිමිකම් කොමිෂන් කාර්යාලයේ නිර්දේශ මත එම විදුහලට බාරදීමට ඊයේ (08) රැගෙන ආ අවස්ථාවේ ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් සිසුවාගේ පියා එහි විදුහල්පතිවරයාට පහරදී ඇතැයි කන්තලේ මූලස්ථාන පොලීසිය පවසයි.

 

විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් මත, පරීක්‍ෂණ පවත්වා එම සිසුවාගේ පියා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි කන්තලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. සැකකරු වාන් ඇළ, පන්සල් ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියැදුරෙකි.

 

ලෝක ළමා දිනය යෙදී තිබූ ඉකුත් ඔක්තෝබර් මස 1 වැනිදා සිසුන් තිදෙනකු අරක්කු පාලනය කර ඇති බවටත්, සිසුවියන් තිදෙනකු බියර් පානය කර ඇති බවටත්, එම විදුහලේ විදුහල්පතිවරයාට වාර්තා වී  ඇත.විදුහල්පතිවරයා මේ පිළිබඳව පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර මෙම සිසු සිසුවියන් පස්දෙනා සහ ඔවුන්ගේ දෙමාපියන් ද කැඳවා විනය පරීක්‍ෂණයක් පවත්වා ඇතැයි කියති.



විනය පරීක්‍ෂණයෙන් අනතුරුව එම සිසු සිසුවියන් පස්දෙනා කලාපයේ වෙනත් පාසල්වලට මාරුකර යවනු ලැබ සිටි බව පොලිසිය කියයි.එම චෝදනාවට ලක්වූ සිසුන් දෙදෙනකුගේ මවුපියන් මාරු ලිපි බාර නොගෙන, මේ බව ත්‍රිකුණාමලය මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක් කර ඇත.

 

කොමිසමේ විමර්ශන නිලධාරීන් මෙම සිසුන් දෙදෙනා ඔවුන් සිටි පාසලටම නැවත බාරගන්නා ලෙස විදුහල්පතිවරයාට දැනුම් දීමක් කර තිබිණි යැයි එම පොලිස් නිලධාරියා කීය. එසේ නිර්දේශ මත පියකු සිය දරුවා ද රැගෙන පාසලට බාරදීමට ගොස් ඇති අතර එම අවස්ථාවේ විදුහල්පතිවරයා සමග ඇතිවූ බව කියන බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

views

351 Views

Comments

arrow-up