“අහපු පලවෙනි දවසේ ඉඳලා කොයිවෙලේ ඇහුවත් මට ඇඬෙනවා” - හැමෝම ඉස්සරහා සංවේදී වූ නර්මදා (VIDEO)

පසුගිය සතිය බොදු බැතිමතුන්ට විශේෂයි. එයට හේතුව උතුම් තෙමඟුල සිහිපත් කරන වෙසක් පුන් පොහොය දින යෙදී තිබුණේ පසුගිය සතියේ.
ඒ වෙනුවෙන් හිරු නාලිකාව විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කරලා තිබුනා.
මේ අතර මෙවර හිරු කොපි චැට් වැඩසටහනට පැමිණි කලාකරුවන් වැඩසටහන පුරාවට ගායනා කළේ බොදු බැති ගී ඒ අතරින් හිරු ස්ටාර් සීසන් 1 ජයග්‍රාහකයා වන මංගල ඩෙනික්ස් ගායනා කරන මේ දිනවල නිතරම සවන් වැකෙන “බොදුබණ පදයක් සවන වැකේවා” ගීතය මංගල ගායනා කළා.
ඒ මොහොතේ කොපිචැට් වැඩසටහන මෙහෙයවන නර්මදා අතිශය සංවේදී වුණා. ගීතය අවසානයේ ඇයට දැනෙන හැඟීම ඇය මෙසේ වචනවලට පෙරළුවා.
“ඒ සින්දුවමට කොයිවෙලේ ඇහුවත් ඇඬෙනවා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. ඒ සින්දුව අහපු පළවෙනි දවසේ ඉඳලා කොච්චර ඇහුවත් කී වතාවක් ඇහුවත් මට ඇඩෙනවා.”
192 Views
Comments