තම ලෙයින් උපන් දියණියට අහස පොළොව නුහුලන අපරාධයක් කල නරුම පියාට දඩුවම් ලැබුණු හැටි

වසර දෙකක් තිස්සේ තම දියණියට ලිංගික අතවර කළ බව කියන පියෙකුට කිළිනොච්චිය මහාධිකරණයේදී වසර 17 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කොට තිබේ.
කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු ඒ.එම්.ඒ. සහාබ්දීන් මහතා විසින් මෙම සිරදඩුවම නියම කළේ 2013 වසරේ කිලිනොච්චිය නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවසකදී වයස අවුරුදු දහයක් වූ සිය දියණියට ලිංගික අතවර කළ පියෙකුට එරෙහිවය.
ඔහු විසින් ඊට පසුව වසර දෙකක කාලයක්ම සිය දියණියට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කොට ඇති අතර දැරියගේ මව විසින් කිළිනොච්චිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.
එම නඩුව මහාධිකරණයේ විභාගයට ගැනීමෙන් පසුව ඉදිරිපත් වූ සියලුම සාක්ෂි වලින් දරියගේ පියා වැරදිකරු බවට තීරණය වීමෙන් පසුව මෙම සිර දඬුවම පනවන ලදී.
ඊට අමතරව විත්තිකරුට රුපියල් දස දහසක රජයේ ගාස්තුවක් ගෙවන ලෙසද දැරියට වූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් සිර දඬුවම තවත් වසර දෙකකින් වැඩි වන බවද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
417 Views
Comments