සෙව්වන්දිගේ මව සහ සහෝදරයාගෙන් එළියට ආ අලුත්ම හෙළිදරව්ව මෙන්න...

ඉෂාරා සෙව්වන්දි, මේ තරුණිය ගැන ගොඩක් දෙනෙක් මේ වෙද්දී කතාකරන්නේ , මේ තරම් අපරාධයක් සිදුකරමින් ඇය නිදැල්ලේ ගැවසෙන නිසා කියලා කියන්න පුළුවන්..
තවමත් නීතියේ රැහැනට හසු නොවූ මේ තරුණිය ගැනත් ඇගේ මව සහ සහෝදරයා ගැනත් ඇසෙන අලුත්ම ආරංචියයි මේ...
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා...
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් එම සැකකාරිය හා සැකකර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කළා..
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය මෙම දැනුම්දීම සිදුකළා..
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මීගමුව, කටුවැල්ලේගම, ජය මාවත ලිපිනයේ පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති සහ 23 හැවිරිදි පින්පුර දේවගේ තිවංක වීරසිංහ යන අයයි..
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා ඔවුන්ට එල්ල කර තිබෙනවා..
මව සහ සහෝදරයා මෙම ඝාතන සිදුවීමෙන් පසු ඔවුන් සිටි නිවස අත්හැර දමා ගොස් තිබුණු අතර, තමන්ට එල්ල වන මරණ තර්ජන හමුවේ නිවස අත්හැර දමා ගිය බවටයි තොරතුරු වාර්තා වුණේ..
ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව සහ මෙම ඝාතනයේ වෙඩික්කරු වන කමාන්ඩෝ සමිඳු පසුගිය පෙබරවාරි 15 වැනිදා සිට 18 වැනිදා දක්වා දිවුලපිටියේ ලැගුම්හලක රැඳී සිටි අතරවාරයේ මෙම මව සහ සහෝදරයා එම ලැගුම්හලට පැමිණ ඇති බව අනාවරණ වී තිබෙනවා..
පසුව ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා වෙඩික්කරු සමග යතුරුපැදියකින් විවිධ ස්ථාන වෙත ගොස් ඇති බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගත්තා..
524 Views
Comments