ලංකාවේ අසිරි බලන්න ආ රුසියන් කතට දුම්රියේ ගත් සෙල්ෆිය මාරකයක් වූ හැටි

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබේ.
අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය 180/25 කණුව අසලදීය.
එම විදෙස් ජාතික කාන්තාව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධානය වූ පොඩි මැණිකේ දුම්රියෙන් මෙලෙස ඇද වැටී තිබුණි.
එම අනතුරින් මියගොස් ඇත්තේ, පර්සිනෝමා ඔල්ගා නමැති 50 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකි.
මරණකාරිය 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග රුසියාවේ සිට ශ්‍රීලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබුණි.
එම කණ්ඩායම සමග අද උදෑසන බදුල්ලට පැමිණ, බදුල්ලේ සිටි ඇල්ල දක්වා ගමන් කරන අතරතුර දුම්රියේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී දුම්රිය මාර්ගය අද්දර පස්කණ්ඩියක ගැටී ඇදවැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.
තුවාලකාරිය එම දුම්රියෙන් රැගෙන විත් හාලිඇළ දුම්රිය ස්ථානයට භාරදීමට කටයුතු කර තිබුණි.
162 Views
Comments