“මම මහණ වෙනවා. ඒක මගේ තියෙන ලොකු ආසාවක්” - කවුරුත් දන්න පියුමි හංසමාලි පැවිදිවෙයි? (PHOTOS)

බාහිරව දකින රූපෙන් හෝ හැසිරීමෙන් මිනිස්සු මනින්න බැරි තරමට ඔවුන්ගේ ඇතුළාන්තයේ ඇති බලාපොරොත්තු සහ අරමුණු හාත්පසින්ම වෙනස්.
සමහරවිට විශ්වාස කරන්න බැරි තරමට වෙනස් ඒවා වෙන්න පුළුවන්.
ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිටත් තියෙනවා එහෙම ඔබ ලේසියෙන් විශ්වාස නොකරන අන්දමේ උතුම් බලාපොරොත්තුවක්.
ඒ තමයි මහණ දම් පුරන්න.
ඇය කියන විදියට තමන්ට ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න කලින් ඉටුකළ යුතු, යුතුකම් සහ වගකීම් කොටසක් තියෙනවා.
ඒ තමයි ඇයගේ ප්‍රාණසම පුත්‍රයාගේ අනාගතය හැඩකරන එක.
ඔහුගේ හෙට දවස ගැන හිතේ බයක් සැකයක් නැති වුණු දවසට පියුමි ලෑස්තියි ඇගේ හිතේ තියෙන උතුම් බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න.
මේ ගැන ඇය කියලා තිබුණේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.
පියුමිට ආදරේ කරන කාගෙනුත් මේ උතුම් බලාපොරොත්තුව වෙනුවෙන් ඇයට ආශිර්වාද රැසක් ද ලැබී තිබුණා.
''මගෙ එකම ආසාව මගෙ පුතා තව ටිකක් ලොකු වුණු ගමන් එයාව ඇමරිකා යවලා,
එයා ඉගෙනගෙන ඉවර වුණ ගමන් මම මහණ වෙනවා.
ඒක මගෙ තියන ලොකුම ලොකු ආසාවක් දෙවියනෙ.
මට තියන එකම බැඳීම එයා.
එයා ඉගෙනගෙන pilot කෙනෙක් හරි doctor කෙනෙක් හරි වෙලා මේ රටින් ගිහින් job එකක් කරන්න පටන් ගත්තම,
එයාට පුලුවන් වයසට ගිය ආච්චිවත් ජීවත් කරන් බලාගෙන ඉන්න.
අන්න එදාට මම මේ සියලුම දේ අත හැරලා යනවා. ''
633 Views
Comments