“මිලියන 400ක් උපයපු “කතුරු මිතුරු” හිට් වුනේ සමාජ මාධ්‍ය වලින්” - ගිරිරාජ් කෞශල්‍ය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

“මිලියන 400ක් උපයපු “කතුරු මිතුරු” හිට් වුනේ සමාජ මාධ්‍ය වලින්” - ගිරිරාජ් කෞශල්‍ය

“මිලියන 400ක් උපයපු “කතුරු මිතුරු” හිට් වුනේ සමාජ මාධ්‍ය වලින්” - ගිරිරාජ් කෞශල්‍ය

පසුගියදා විශාල කතා බහක් නිර්මාණය වූ ‘කතුරු මිතුරු‘ චිත්‍රපටය ලක්ෂ 8 ක නැරඹුම් ලැබූ බවටත් කෝටි 40 ක් පමණ ආදායම් ලද බවටත් වාර්තා පළව තිබේ.

 

ලාංකේය සිනමා වංශ කතාවේ සිනහවට නව අරුතක් කැන්දමින් මුවග සිනහව රැන්දු සිකුරු හතේ, සුහද කොකා ගෙන ආ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා  ගිරිරාජ් කෞෂල්‍යයි. ඔහු සතිඅන්ත පුවත්පතකට මෙසේ පවසා තිබේ.



 “මගේ දක්ෂතාව තිබෙන්නේ හාස්‍යමය චිත්‍රපටවල තිබෙන රික්තය පුරවන්න. මමත් හරි ආසයි හිනා වෙලා ඉන්න. මම ගෙදර ඉන්නෙත් හිනා වෙලා. දුවලා දෙන්නත් එක්කත් මම ඉන්නෙ විහිළු කරගෙන. මගේ යාළුවො එක්කත් එහෙමයි.

 

මගේ වැඩි නැඹුරුවක් තිබෙන්නෙ හිනා වෙලා සතුටින් ඉන්න.
කතුරු මිතුරු විචාරකයන්ට මඟහැරුණා කියල සමහරු ඇහුවා.
ලංකාවේ විශිෂ්ට සිනමා විචාරකයෙක් වන ගාමිණී වේරගම මහතා පවා කතුරු මිතුරු ගැන විචාරයක් ලිව්වා. අද ගොඩක් සිනමාව විචාරයට ලක්වෙන්නේ ෆේස්බුක් එකෙන්. ෆේස්බුක් එකේ ගොඩක් හොඳ විචාර තිබෙනවා. ඔවුන් සිනමා විචාරකයෝ නෙවෙයි. ඇතැම් අය රසිකයෝ. ඒ ගැන මට ලොකු සතුටක් තිබෙනවා.
ඔවුන් නළු නිළියන්ගේ රඟපෑම ගැන වගේම කැමරා කෝණ ගැන පවා කතා කරලා තිබුණා. නමුත් මෙන්න මෙහෙම දෙයකුත් තිබෙනවා. දැන් ඇතැම් පුවත්පත් එන්නෙත් නැහැනේ. ඒවා තිබෙන්නෙත් අන්තර්ජාලය තුළනෙ. ඒ නිසා මට ලොකු වෙනසක් නැහැ. මම හැම වෙලාවෙම සිනමා විචාරය ගැනම හිතුවෙ නැහැ.

 

මගේ කතුරු මිතුරු චිත්‍රපටය දින 160 සීමාව පසු කරමින් තිරගත වුණා. මා දන්නා පරිදි ඇතැම් සිනමා ශාලාවල එය තවමත් තිරගත වෙනවා. අධ්‍යක්ෂවරයෙක් විධියට තමන්ගෙ තුන් වැනි චිත්‍රපටය ඉතා සාර්ථක වීම පිළිබඳව නිහතමානී ආඩම්බරයක් තිබෙනවා.“

views

258 Views

Comments

arrow-up