“මම යන්නේ නෑ” - හොර බඩු ගෙනත් මාට්ටු වී දඩත් කෑ මන්ත්‍රී රහීම් කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

“මම යන්නේ නෑ” - හොර බඩු ගෙනත් මාට්ටු වී දඩත් කෑ මන්ත්‍රී රහීම් කියූ කතාව

“මම යන්නේ නෑ” - හොර බඩු ගෙනත් මාට්ටු වී දඩත් කෑ මන්ත්‍රී රහීම් කියූ කතාව

රට තුළට නීති විරෝධී ආකාරයට රන් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන විත් රේගු නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්, මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සදහා වූ යෝජනාවක් ගෙන ඒමට සියලු‍ පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කර ඇතත්, තමන් කිසිසේත්ම ඉල්ලා අස්වීමට සූදානම් නැති බව අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා පුවත්පතකට පවසා තිබේ.


තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්ව නැති බවත් රහීම් මන්ත්‍රීරයා සදහන් කොට ඇත.

 

මේ අතර, කතානායකවරයා ද පවසා ඇත්තේ, මන්ත්‍රීවරයා ඉවත් කිරීම සදහා වූ බලයක් ඔහුට හෝ පාර්ලිමේන්තුවට නැති බවයි.


චෝදනා එල්ල වී තිබෙන මන්ත්‍රීවරයා ඉවත් කළ යුතුයැයි කල්පනා කරන පිරිස් ඒ සදහා අධිකරණයට යා යුතුව ඇති බවද කතානායකතුමා පවසා තිබේ.

views

194 Views

Comments

arrow-up