කොස් ගෙඩියකුයි රුපියල් 50කුයි මිනියක් මැරූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

කොස් ගෙඩියකුයි රුපියල් 50කුයි මිනියක් මැරූ හැටි

කොස් ගෙඩියකුයි රුපියල් 50කුයි මිනියක් මැරූ හැටි

ගල්කිස්ස, රත්මලාන, ගාලුපාරේ පිහිටි බේකරියක හිමිකරුට බේකරිය තුළදී පිහියකින් ඇන ඝාතනය කර පලාගිය ඝාතකයා සොයා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

 

පෙරේදා (22 වැනිදා) සවස සිදු වූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව ඇත්තේ හපුගස්තලාව, අහස්වැව පාරේ පදිංචිව සිටි මොහොමඩ් පායිස් නමැති 29 හැවිරිදි බේකරි හිමිකරුවෙකි.

 

පිහිඇනුම් පහර කෑ බේකරි හිමියා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට රැගෙන යන අතරවාරයේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 

මෙම හෝටල් හිමිකරු සැකකරුට කොස් ගෙඩියක් රැගෙන එන්නැයි පවසා තිබේ. ඒ අනුව ඔහු කොස් ගෙඩියක් රැගෙන විත් ඇති අතර, ඒ සඳහා රුපියල් 250 ක් ලබාදෙන ලෙස සැකකරු බේකරි හිමියාට පවසා ඇත.

 

එහිදී බේකරි හිමියා කොස් ගෙඩිය රුපියල් 200 කට ලබාදෙන ලෙස කියා තිබේ. එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇත.

 

එම අවස්ථාවේ බේකරි හිමියා බේකරිය තුළට ගොස් පිහියක් රැගෙන විත් ඇත. ඒ අවස්ථාවේ එම පිහිය උදුරාගෙන ඇති සැකකරු එයින් බේකරි හිමියාට ඇන පලාගොස් ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

views

319 Views

Comments

arrow-up