මුහුදට බිලිවූ සා.පෙළ සිසුවාගේ සිරුර දින දෙකකට පසු හමුවෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් වසමට අයත් පෙරියකල්ලාරු මුහුදේ තිබී සිසුවෙකුගේ මළ සිරුරක් ගොඩ ගත් බව පොලීසිය පවසයි.
අයහපත් කාලගුණය මධ්‍යයේ තරුණයින් තිදෙනෙකු ඉරිදා (2023.05.14) සවස පෙරියකල්ලාරු මුහුදේ දිය නාමින් සිටියදී ඔවුන්ගෙන් එක් අයෙකු මුහුදට ගසා ගෙන ගිය අතර අනෙක් දෙදෙනා බේරී ඇත.
කෙසේ වෙතත්, මුහුදේ ගිලී මියගිය පුද්ගලයා ඉරිදා රාත්‍රිය වනතුරු සොයා ගැනීමට නොහැකි වූ නමුත් සඳුදා සවස මුහුදේ තිබී ඔහුගේ මළ සිරුර ගොඩගන්නා ලදී.
ඔහු පෙරියකල්ලාර් වසමේ පොට්කොල්ලර් පාරේ පදිංචි 17 හැවිරිදි බාලචන්ද්‍රන් ලෙෂාන් ලෙස හඳුනාගෙන ඇත.
ඔහුගේ පවුලේ අය පවසන පරිදි පෙරියකල්ලාරු ප්‍රදේශයේ පිහිටි පාසලක සිසුවෙකු වන අතර ඔහු මෙවර අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවෙකි.
194 Views
Comments