නූලෙන් බේරුණ පාසල් දැරිය

යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේදී පාසල් දැරියක් පැහැර ගැනීමට උත්සාහ කළ තරුණයෙකු ඒ අසල සිටි පිරිසක් විසින් අල්ලා යාපනය පොලීසියට 16 දා බාර දී තිබේ.
අවට පිරිස ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු මාධ්‍යවේදියෙකු බවත් සිසුවියගෙන් තොරතුරක් ලබා ගැනීමට ඇය ළගට ගිය බවත් ප්‍රකාශ කොට ඇත.
ඔහු ප්‍රකාශ කළේ අසත්‍ය බව හෙළිවීමෙන් පසුව නගරයේ සිටි පිරිස ඔහුට පහර දී පොලිසිය වෙත බාර දී තිබේ.
යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
434 Views
Comments