දුම්රිය මගේ බස් එලෙව්ව රියදුරාට වැඩ වැරදුණු හැටි - වෙනස්ම කතාවකුත් එළියට...
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

දුම්රිය මගේ බස් එලෙව්ව රියදුරාට වැඩ වැරදුණු හැටි - වෙනස්ම කතාවකුත් එළියට...

දුම්රිය මගේ බස් එලෙව්ව රියදුරාට වැඩ වැරදුණු හැටි - වෙනස්ම කතාවකුත් එළියට...

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව සැකකාර බස් රියදුරු සමග බස් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

 

මෙලෙස අත්අඩංගුවට ගැනුණු රියදුරා ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන අයෙක්.

 

සිදුකළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ සැකකාර රියදුරුගේ රියදුරු බලපත්‍රය මීට පෙර අවස්ථාවක බීමත්ව රිය ධාවනය කිරීමේ වරදර අධිකරණය විසින් මාස 04ක කාලයක් සඳහා අත්හිටුවා තිබිය දී මෙලෙස බස් රථය ධාවනය කර ඇති බවයි.

 

මෙම රියදුරා විසින් බස් රථය අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවුණා.

views

423 Views

Comments

arrow-up