“තාත්තේ, ඔයාගෙ අත් දෙකෙන් තමයි මේ ධාතු මන්දිරය හැදුවේ” - අවසන් ගමන් ගිය සොහොයුරා වෙනුවෙන් පියුමි ශ්‍රීනායක කල පින්කම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

“තාත්තේ, ඔයාගෙ අත් දෙකෙන් තමයි මේ ධාතු මන්දිරය හැදුවේ” - අවසන් ගමන් ගිය සොහොයුරා වෙනුවෙන් පියුමි ශ්‍රීනායක කල පින්කම (PHOTOS)

“තාත්තේ, ඔයාගෙ අත් දෙකෙන් තමයි මේ ධාතු මන්දිරය හැදුවේ” - අවසන් ගමන් ගිය සොහොයුරා වෙනුවෙන් පියුමි ශ්‍රීනායක කල පින්කම (PHOTOS)

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි ශ්‍රීනායක පහුගිය දවසක උතුම් පිං කටයුත්තක් සිදුකර තිබුණා.

 

ඒ, ධාතු මන්දිරයක් ඉදි කරවා ධාතු කරඬුවක් ද පූජා කරමින්.

 

ඇය මේ උතුම් කටයුත්ත කිරීම පිටුපස තිබුණේ වේදනාබර මතකයක්.

 

ඒ ඔබ දැනටමත් දන්නා පරිදි මීට වසර කිහිපයකට ඉහත අවසන් ගමන් ගිය ඇගේ සහෝදරයාට පිං පැමිණවීම.

 

 

මේ උතුම් කටයුත්තට ගම්වාසීන්ගේ සහය ද ලැබුණු බව නිහතමානීව ඇය සඳහන් කර තිබුණා.

 

ඒ වගේම තවත් විශේෂ කාරණයක් නම්, පියුමි ශ්‍රීනායකගේ ආදරණීය පියාණන්ගේ දෑතින් මේ ධාතු මන්දිරය ඉදිවීමයි.

 

 

''මගේ මල්ලීට පිං පිණිස මෙම ධාතු මන්දිරය ඉදි කරවා ධාතු කරඩුවක් පූජා කරන ලදී..

මගේ මල්ලීට නිවන් සුව ලැබේවා.

මේ සදහා උදවු කල සියලුම ගම් වාසීන්ට මේ පිං අනුමෝදන් වේවා.

ඔබ සියලු දෙනාටමත් මේ පිං අනුමෝදන් වේවා

මගේ තාත්තේ ඔයාගේ අත් දෙකෙන් තමයි මේ ධාතු මන්දිරය හැදුවේ.

ඒ පිනෙන් මගේ තාත්තා බුදු වේවා දවසක ''

 

 

 

views

361 Views

Comments

arrow-up