“මට හයියක් උන ඔයාලා හැමෝටම පිං” - මනේජ් තැබූ ෆෙස්බුක් සටහන

ජනතා හදවත් දිනාගත් මනේජ් සංජයට රටේ හැම තැනින්ම සංගීත ප්‍රසංග සඳහා ආරාධනා බොහෝමයක් ලැබෙමින් පවතිනවලු.
මනේජ් කියන විදිහට ඔහුට ඊළඟ අවුරුද්දෙ පැවැත්වෙන සංගීත ප්‍රසංග සඳහාත් මේ වනවිට ආරධනා ලැබිලා අවසන්ලු.
මේ තරමට ඔහුට ආදරේ කරනවට මනේජ් ඔහුගේ රසික රසිකාවියන්ට ස්තූති කරලා ෆෙස්බුක් සටහනකුත් තියලා.
Hirustar season 2 තරඟයෙන් 7 වෙනියා විදියට 2021 ජනවාරි 31 ඉවත් උන දවසේ සිට මේ දක්වාම ඔයාලගේ ආදරයෙන් කලාකරුවෙක් විදියට ආපු දුර බොහොමයි. ඉවත්වන මොහොතේ මම කිව්වේ මගේ හීනය යසරම පැට් ඉක්ිඑ වේදිකාව කියලා’ ඒක මහන්සි වෙලා ඉටු කරගන්න මට පුළුවන් උනා. අද මේ වෙද්දිත් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්‍යබහුල වෙන්න හේතුව ඔබෙන් ලද ඒ ආදරයමයි. තරඟයෙන් ඉවත් වෙලත් අවුරුදු තුනකට ආසන්න මේ මොහොතෙත් ඊලඟ අවුරුද්දට පවා ප්‍රසංග වලට මා කැඳවා අවසන් එය මට තාමත් සිතාගත නොහැකි දෙයක් අවුරුදු 7 කට කලින් ඉඳපු මගේ සංගීත කණ්ඩායම ජනක අයියා ප්‍රමුඛ හික්කඩුව ශයිනිත් අත නොහැරම මේ ගේම ගහන්න මට සහය උන හැමෝටම ස්තූතියි. අප්‍රේල් මැයි මාස දෙක තුළ පමණක් මා සහභාගී වූ ප්‍රසංග ප්‍රමාණය 150 කට වැඩි මිස අඩු නැත. ඒක මම කලේ කොහොමද කියලා හිතාගන්නත් බෑ. උත්සහ කලොත් අපි කාටත් පුළුවන් තමන්ගේ මහන්සියෙන් ගොඩ එන්න ට්‍රයි කරන හැම එකාටම උතුරන්න හරියන්න ඕන මේ ලැබෙන ආදරයට හැමදාමත් ස්තූතියි මේ ආපු ගමනේ මානසිකව වැටුණ තැන් අසාදාරණයට එරෙහිව කතා කරන්න ගිහින් හොම්බ බිම ඇන ගත්තු තැන් බොහොමයි. ඒ හැම මොහොතකම හරි පැත්තේ ඉඳගෙන මට හයියක් උන ඔයාලා හැමෝටම පිං ඒ වගෙම තවමත් හරි හැටි ආන්ස්වර් නොවෙන මගේ පෝන් එක සහ අඩුවෙන් රිප්ලයි එන මැසේජ් වලට ආයෙම සමාවෙන්න.
304 Views
Comments