ලොවක ආදරය දිනූ සංගීතඥයාට අත්වුණු ඛේදනීය ඉරණම ගැන ඇහෙන සංවේදී කතාව

රුසියානු ජනාධිපති පුටින් "මෝඩයෙකු" ලෙස හැඳින්වූ බවට චෝදනා ලැබූ රුසියානු ගායකයෙකු වන වඩීම් ස්ට්‍රොයිකින් (Vadim Stroykin) ඔහු රැඳී සිටි මහල් නිවාසයේදී අභිරහස් ලෙස ජනේලයකින් බිමට වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව නිව් යෝර්ක් පෝස්ට් වෙබ් අඩවිය වාර්තා කරනවා.
යුක්රේන හමුදාවට සහාය දුන් බවට චෝදනා ලබා සිටි මොහුගේ අද්මිරාල්ටේස්කි දිස්ත්‍රික්කයේ පිහිටි ශාන්ත පීටර්ස්බර්ග් මහල් නිවාසය පසුගිය බදාදා දින එරට පොලිසිය විසින් වටලා ඔහුගෙන් ප්‍රකශ සටහන් කරගැනීමේ නිරතව සිට තිබෙනවා.
බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ සංගීතඥයෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඔහු අවසන් වරට ජීවතුන් අතර සිටිනු දුටුවේ පොලිස් ප්‍රශ්න කිරීම් අතරතුරදී ජලය ලබා ගැනීමට ඔහුගේ මුළුතැන්ගෙයට ගිය අවස්ථාව වන විට 10 වැනි මහලේ පිහිටා තිබූ ජනේලයකින් ඔහු ඇද වැටී ජීව්තක්ෂයට පත්ව සිටිද්දී බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
සමාජ මාධ්‍ය 2022 වර්ෂයේදී "මම මෝඩයාගේ [පුටින්ගේ] මරණය ප්‍රාර්ථනා නොකරමි, ඔහු සිරගත කරනු දැකීමට මම කැමතියි," යනුවෙන් ඔහු තැබූ සටහන මහත් ආන්දෝලනයකට ලක්වුණු කරුණක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, ඔහුගේ මරණය පිළිබඳව තවමත් පරීක්ෂණ පවත්වන බවට ප්‍රාදේශීය නිලධාරීහු පැවසූ බවයි නිව් යෝර්ක් පෝස්ට් වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.
164 Views
Comments