අජාසත් පුත්‍රයෙකු පියාට කළ අහස පොළොව නුහුලන සිදුවීමක් ගැන ඇහෙන කතාව...
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

අජාසත් පුත්‍රයෙකු පියාට කළ අහස පොළොව නුහුලන සිදුවීමක් ගැන ඇහෙන කතාව...

අජාසත් පුත්‍රයෙකු පියාට කළ අහස පොළොව නුහුලන සිදුවීමක් ගැන ඇහෙන කතාව...

පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

 


එලෙස මියගොස් ඇත්තේ, ආඩිමුනේ, උඩප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.


 

පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු අසනීපයක් තත්ත්වයක් හේතුවෙන් උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට උඩප්පුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මෘත ශරීරය පරික්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවට දැනුම් දී තිබෙනවා.


 

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ පුතා විසින් මරණකරු නිදා සිටියදී පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව විමර්ශනයේදී ආනාවරණය වී ඇති බව පොලීසිය සදහන් කළා.


 

මරණකරුගේ පුතා මන්ද මානසික තැනැත්තෙකු බවත්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට පියා එදින යාමට නොපැමිණිම හේතුවෙන් අමනාප වී මෙලෙස පිහියෙන් ඇන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.


 

සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

views

213 Views

Comments

arrow-up