පෙරුම් පුරාගෙන එක් වුණු අලු‍ත් කැදැල්ල විසිරී ගිහින්.. - මධුසමයට ගිය යුවලක් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

පෙරුම් පුරාගෙන එක් වුණු අලු‍ත් කැදැල්ල විසිරී ගිහින්.. - මධුසමයට ගිය යුවලක් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි කතාව

පෙරුම් පුරාගෙන එක් වුණු අලු‍ත් කැදැල්ල විසිරී ගිහින්.. - මධුසමයට ගිය යුවලක් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි කතාව

මව්පියන් නිසි වයස පැමිණි එක්තරා තරුණියකට මඟුලක් යෝජනා කර ඇති අතර ඇය ඊට අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධයක් ඇති කර ගත් නිසායි..



කෙසේ වෙතත්, මව්පියන් ගෙනා යෝජනාව තදින්ම ක්‍රියාත්මක කර ඇති අතර ඇයට යෝජනා කළ තරුණයාද වෙනත් තරුණියක සමඟ සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙනවා.



කෙසේ හෝ මඟුල තීන්දු වී ජයටම සිදුකෙරී ඇති අතර ඔවුන් මධුසමයට ගිය අවස්ථාවේ හෝටලයේදී මනාලිය මනාලයාට නිදි පෙති මිශ්‍ර කිරි වීදුරුවක් ලබා දී ඔහුට නින්ද ගිය පසු ලිපියක් ලියා තබා තමන් යාළු වී සිටින තරුණයා සමඟ හෝටලයෙන් පිටවී ගොස් තිබෙනවා.



උදෑසන අවදි වූ තරුණයා ඇගේ ලිපිය දැක ඔහු යාළු වී සිටින තරුණිය සමඟ පලාගොස් තිබෙනවා.



පසුදා දෙවනි මඟුල සඳහා මනාල යුවළ කැඳවාගෙන යාමට පැමිණි මඟුල් රථය ආපසු හිස් අතින් පැමිණෙන දුටු මනාල යුවළගේ මව්පියන්ගේ ඇස් උඩගියේ සිදුවූ කිසිවක් එකවරම හිතාගන්න බැරි නිසයි.. පසුව සිදු වී ඇති කාරණය අවබෝධ වී පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත් වීමට නොහැකිව හිමිහිට මඟුල සංවිධානය කර තිබූ හෝටලයෙන් ඔවුන් බැස ගියේ, කිසිවෙකුත් නොදන්නා ලෙසයි.. 

 

උපුටාගැනීමක් 

views

313 Views

Comments

arrow-up