රූප රාජිණී කිරුළ අතැර දමා කසාවත දරාගත් එලිසබෙත් සුජාතා තෙරණිය පිණ්ඩපාත චාරිකාවට සහභාගී වූ අයුරු (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

රූප රාජිණී කිරුළ අතැර දමා කසාවත දරාගත් එලිසබෙත් සුජාතා තෙරණිය පිණ්ඩපාත චාරිකාවට සහභාගී වූ අයුරු (PHOTOS)

රූප රාජිණී කිරුළ අතැර දමා කසාවත දරාගත් එලිසබෙත් සුජාතා තෙරණිය පිණ්ඩපාත චාරිකාවට සහභාගී වූ අයුරු (PHOTOS)

රූ රැජිනකව සිට පැවිදි දිවියට පිවිසි ආචාර්ය එලිසබෙත් සුජාතා තෙරණිය පසුගියදා (15දා) මිහින්තලේ නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමඟ එක්ව පිණ්ඩපාත චාරිකාවේ වැඩම කර තිබුණා.

 

ඒ, මෙවර ද රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පැවැත්වීමට තීරණය කර ඇති මිහින්තලේ 2332 වන පොසොන් පිංකම සඳහා ජනතා දායකත්වය ලබාගැනීම උදෙසායි.

 

එහිදී අදහස් දක්වමින් එලිසබෙත් සුජාතා තෙරණිය පවසා තිබුණේ මෙවර පොසොන් උත්සවය සඳහා තමන් ඇතුළු දූත පිරිස මිහින්තලයට වැඩම කළ බවයි.

 

එමෙන්ම තමන් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට පුරවැසියන්ට වඩා කැමති බවත්, මෙවර පොසොන් උත්සවය සාර්ථක කරගැනීම සඳහා නාහිමියන්ට උදව් උපකාර කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබුණා.

 

 

ආචාර්ය එලිසබෙත් සුජාතා තෙරණිය යනු පැවිදි දිවියට එළැඹීමට පෙරාතුව වියට්නාමයේ රූ රැජන ලෙස සිව් වතාවක් ද 2006 Asian - US කුමරිය ලෙස ද කිරුළු දැරූවෙකි.

 

එමෙන්ම එලිසබෙත් සුජාතා තෙරණිය, ශ්‍රී ලංකාවේ බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ අමෙරිකානු - වියට්නාම භික්ෂුණියකි.

 

 

 

 

views

337 Views

Comments

arrow-up