“කෙල්ලත් නැහැ, ජීප් එකත් නැහැ” - තම තරුණ බිරිඳට හොරා රූමතියක් එක්ක ලැගුම්හලකට ගිය අනංගයාට වෙච්ච දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

“කෙල්ලත් නැහැ, ජීප් එකත් නැහැ” - තම තරුණ බිරිඳට හොරා රූමතියක් එක්ක ලැගුම්හලකට ගිය අනංගයාට වෙච්ච දේ

“කෙල්ලත් නැහැ, ජීප් එකත් නැහැ” - තම තරුණ බිරිඳට හොරා රූමතියක් එක්ක ලැගුම්හලකට ගිය අනංගයාට වෙච්ච දේ

අසංක කෝටිපති ව්‍යාපාරිකයෙකි’ තිස්හත් හැවිරිදි ඔහු දෙදරු පියෙකි’ හොරණ ප්‍රදේශයේ වාහන අමතර කොටස් විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය ඔහු අතමිට සරු වූවෙකි’

 

මීට මාස තුනකට පමණ පෙර අසංකට නිලන්ත හමුවූයේ අහම්බෙනි’ ඒ කොළඹට නුදුරු සමාජ ශාලාවකදීය’ කලකට පසු හමුවූ මිතුරෝ අතීත සිදුවීම් සහ ආගිය තොරතුරු කතා කරන්නට අමතක නොකළහ’

 

“ඒක නෙමේ මට හොඳ කෑල්ලක් සෙට් කරලා දීපන්කෝත්‍’”

 

අසංක සිය මිතුරාට කීවේ කිසියම් සතුටක් හිතේ සඟවාගෙනය’ මොහොතක් කල්පනා ලෝකයක නිමග්න වූ නිලන්ත සිය මිතුරාට පැවැසූවේ මෙවැන්නකි’

 

“මම දන්න කෙල්ලෙක් ඉන්නවා නිරාශා කියලා’ මටත් මාස දෙක තුනකට කලින් ඒකිව සෙට් වුණා’ ඒකිත් කිව්වා හොඳ කෙනෙක් ඉන්නව නම් හොයලා දෙන්න කියලා’”

 

“වයස කීයක් විතර ඇත්ද?

 

“විසි හතක් විසි අටක් විතර””එසේ කියමින් නිලන්ත නිරාශාගේ ජංගම දුරකථන අංකය අසංක වෙත ලබාදුන් අතර අසංක එය තම දුරකථනයේ සටහන් කරගත්තේ දැඩි සතුටකිනි’ මිතුරාගෙන් ඇගේ දුරකථන අංකය ඉල්ලා ගත්තද ඇයට ඇමැතුමක් දීමට ඔහුට නොහැකි වූයේ තිබූ අධික ව්‍යාපාර කටයුතු නිසාය’ දින දෙක තුනකට පසු ඔහු නිස්කලංකේ සිටි මොහොතකදී ඇයට ඇමැතුමක් දුන්නේය’

 

“මට ඔයාගේ නොම්මරේ දුන්නේ නිලන්ත” කතාව ඇරඹුණේ එසේය’ අසංකගේ ඇමැතුමට නිරාශාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබිණි’ ඒ ප්‍රතිචාරය මැද දෙදෙනා අතර වරින් වර දුරකථන සංවාද පැවැතිණ’

 

“හැමදාම කතා කළාට මම ඔයාව දැකලවත් නැහැනේත්‍ව මට ඔයාගේ ෆොටෝ එකක් එවන්නකෝත්ව”

 

අසංකගේ එම ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප නොකළාය’ ඇගේ රූපය සහිත ඡායාරූපය දුටු අසංකගේ සිත ඇය වෙත තදින් බැඳුණේය’

 

අසංක සිය තරුණ බිරියටද හොරා ඇය සමඟ හොර රහසේ දුරකථන සංවාද පැවැත්වීය’ අවසානයේ ඇය හමුවීමටද ඔහු දිනයක් යොදා ගත්තේය’ ඒ ඉකුත් පෙබරවාරි මස 17 වැනිදාය’ අසංකගේ ඉල්ලීම අනුව ඇය මාලබේ කහන්තොට ආසන්නයේ ඇති ෆුඩ් සිටියට කී වේලාවටම පැමිණ සිටියාය’ නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ තද නිල් පැහැති ටීෂර්ටයට අසංකට ඇය හැඩට පෙනිණ’

 

සිහින් සිනහවකින් ඇය පිළිගත් අසංක ඇය ඉදිරිපස අසුනේ නංවාගෙන කෙළින්ම ගියේ ඉංගිරිය අරකවිල ප්‍රදේශයේ ලැගුඳූම්හලකටය’

 

“හැබැයි වැඩිවෙලා ඉන්න බැහැ’ ඉක්මනට යන්න ඕන” අසංක ඊට එකඟ විය’ ඇය සමඟ මොහොතක් තනිවෙන්නට කාමරයක්ද වෙන් කරවා ගැනිණි’ කාමරය ඉදිරිපස ඇති ඉස්තෝප්පුවේ මේසයක් සහ පුටු දෙකක් තිබිණ’ අසංක ජීප් රියට ගොස් අතුරුගිරිය ෆුඩ් සිටියෙන් මිලදී ගත් “ටිකිලා” බෝතලයද රැගෙන මේසය මත තැබිය’ මේසය පිරිසුදු කළේ නිරාශාය’ ටිකිලා බෝතලය පානය කිරීම සඳහා වීදුරු දෙකක්ද මේසය මත තැබිණ’

 

අසංකගේ මතකයේ හැටියට නිරාශා දුන් මත්පැන් වීදුරුවක් දෙකක් ඔහු උගුරට හලාගත්තේය’ එතැනින් එහාට ඔහුගේ මතකයේ කිසිවක් නොවීය’

 

පැය කිහිපයක් ගෙවී ගියද හෝටල් කාමරයට පැමිණි තරුණ යුවළගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ තැන හෝටල් සේවකයකු ඔවුන් රැඳී සිටි කාමරය වෙත ගියේ කිසියම් කුතුහලයක්ද සමඟින්ය’ කාමරය ඉදිරිපස නතර කර තිබූ ටොයොටා වර්ගයේ ජීප් රිය එහි නොවීය’

 

“මෙයාලා ගිහිල්ලදත්‍ව”සේවකයා යුවළ රැඳී සිටි කාමරය වෙත පැමිණ එය පිරික්සීය’ ඉදිරිපස ‍දොර වැසී තිබිණි’ හෝටල් කාමරය පිරික්සද්දී සේවකයන් දුටුවේ පැමිණි පුද්ගලයා කාමරයේ ඇඳ මත වැතිරී සිටින අයුරුය’

 

“මහත්තයා මහත්තයා මොකද මේ නැඟිටින්න” සේවකයන් ඔහු අවදි කරවන්නට මහත් උත්සාහයක් ගත්තේය’ ගෙනා ටිකිලා බෝතලයද කාමරයේ ඉදිරිපස මේසය මත විය’ ඉන් පානය කර ඇත්තේ උගුරු කිහිපයක් පමණි’ එසේ නම් මොහු නින්දට වැටී ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් නොවන බව පිරිස තීරණය කළහ’ ඔහු සමඟ පැමිණි තරුණ කාන්තාව පේනතෙක් මානයක නොවීය’ නිදා සිටි පුද්ගලයා අවදි කරවන්නට සේවකයන් කොතෙක් උත්සාහ ගත්තද ඉන් ඵලක් නොවූ තැන ඔහුට කිසියම් අකරතැබ්බයක් වී ඇති බව දත් ඔවුන් හෝටල් කළමනාකරුට මේ බව දන්වා ඉංගිරිය පොලිසිය දැනුවත් කළේය’

 

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ඇතුළු කණ්ඩායම ඉංගිරියේ පිහිටි එම හෝටලය වෙත පැමිණියේ ඉන්පසුවය’

 

“‍දොළහට විතර දෙන්නම ආවේ සර්ත්‍ව කෙල්ලත් නැහැ’ ජීප් එකත් නැහැ’”

 

සේවකයන්ගෙන් සිද්ධිය විමසූ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කාමරයේ ඇඳ මත වැටී සිටි පුද්ගලයා අවදි කරවන්නට උත්සාහ කළද ඉන් ඵලක් නොවූ තැන 1990 ගිලන් රථ සේවයට ඒ බව දන්වා එම ගිලන් රථයකින් ඔහු හොරණ රෝහල වෙත යවන්නට පියවර ගත්තේය’

 

සිදුවූයේ කුමක්ද යන්න කාටත් ප්‍රශ්නයක් විය’ සිද්ධිය කුමක්දැයි නිශ්චිත වශයෙන් දැනගන්නට නම් සිහිසුන්ව සිට රෝහල් ගත කළ පුද්ගලයාගෙන් කරුණු කාරණා විමසිය යුතුව ඇත’ එහෙත් ඔහු කටඋත්තරයක් ගැනීමට තරම් සුවදායි තත්ත්වයක නොවීය’

 

පොලිසිය ඔහුගේ තත්ත්වය යහපත් වනතුරු නැවතත් හෝටලයට ගොස් එහි තිබූ සී’සී’ටී’වී’ කැමරා නිරීක්ෂණය කළේය’ එම නිරීක්ෂණයේදී පොලිසියට පෙනී ගියේ නිල් පැහැති ඩෙනිමක් හා නිල් පැහැති ටීෂර්ටයක් ඇඳගෙන කොණ්ඩය කඩාගත් තරුණියක් සුදු පැහැති ජීප් රිය පණ ගන්වාගෙන හෝටලයෙන් පලායන අයුරුය’ වැඩිදුරටත් එම දර්ශන නිරීක්ෂණය කිරීමේදී රෝහල්ගත කර සිටින පුද්ගලයා සමඟ ඇය හෝටල් කාමර කොරිඩෝවේ සැරිසරන අයුරුද නිලධාරීන්ට දැකගත හැකිවිණි’” මේ ගෑනි මොකක් හරි ගේමක් දීලා තමයි ජීප් එකත් අරගෙන පැනලා ගිහින් තියෙන්නේ’ කොහොම හරි ඔය ගෑනිව හොයාගන්න ඕන’ ගෑනි කවුද කියලා හරියට දැනගන්න අර මනුස්සයගෙන් කට උත්තරයක් ගන්නම ඕන” විමර්ශන සිදුකරන පොලිස් පරීක්ෂකවරයා කීවේය’

 

කෙසේ වෙතත් දිනක් දෙකක් යනතුරුත් රෝහල් ගත කළ පුද්ගලයා යථා තත්ත්වයකට පත්වී නොතිබිණි’ මෙය විමර්ශනවලට ගෙන ආවේ මහත් බාධකයකි’ කෙසේ වෙතත් රෝගී තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයාගේ තත්ත්වය තුන්වන දවස වනවිට යහපත් බවට පත්ව තිබිණි’

 

ඒ වනවිට ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ජනක මහතාගේ උපදෙස් මත විමර්ශන ඇරඹූ පොලිස් පරීක්‍ෂක පාදුක්ක ඇතුළු අපරාධ විමර්ශන කණ්ඩායමට කිසියම් හෝඩුවාවක් ලැබී තිබිණි’ ඒ ඉංගිරිය අරකවිල ප්‍රදේශයේ මාර්ගයක් අසල ටොයොටා වර්ගයේ සුදු පැහැති ජීප් රියක් දමා ගොස් ඇති බවය’ නිලධාරීන් වහා එම හෝඩුවාව අනුව ගොස් මහ මඟ දමා ගොස් තිබූ සුදු පැහැති ජීප් රිය පොලිසිය වෙත රැගෙන ආවේය’

 

මේ අතරතුර පොලිස් කණ්ඩායමක් රෝහල්ගතව සිටි පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටද කටයුතු කළේය’ එහෙත් ඔහු ප්‍රකාශය ලබාදීමට මුලින් අකැමැත්ත පළ කළේ තිබූ ලැජ්ජාව නිසා විය යුතුය’ කෙසේ හෝ ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි’ පසුව සිදුවූ සියල්ල එකක් නෑර ඔහු නිලධාරීන්ට කීවේය’ මිතුරකු මාර්ගයෙන් දැන හඳුනාගත් ඇය ඉංගිරිය හෝටලයට රැගෙන පැමිණි බවත් එහිදී ඇය විසින් දුන් බීමක් තමා පානය කළ බව පමණක් මතක ඇති බවත් ඔහු පොලිසිය හමුවේ සඳහන් කර තිබිණි’

 

“තමන්ගේ මොනවා හරි නැති වෙලා තියෙනවද පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගෙන් විමසීය’”

 

“ඔව් සර්’ මගේ ඇඟිල්ලේ තිබ්බා නිල් මැණිකක් අල්ලපු මුද්දක්’ ඒක ලක්ෂ පනහක් විතර වටිනවා’ ඒකත් නැහැ’”

 

“වෙන මොනවද අඩුත්‍ව”කරේ තිබුණු රත්රන් මාලෙත් නැහැ”

 

“ඒක කීයක් විතර වටිනවද?”

 

“ඒ මාලේ පවුම් විසිපහක්’ පැන්ඩන් එක පවුම් 8ක්” කෝටි එකහමාරක් විතර ඇතිව”

 

“ජීප් එකේ කැබියේ තිබුණා ලක්ෂ 9ක්” ජීප් එක ඇතුළේ තිබුණා බිස්නස් කරපු සල්ලි ලක්ෂ 19ක්ත්‍ව”ඔහුගේ ප්‍රකාශය සත්‍යයක් දැයි බලන්නට නිලධාරීන් පොලිස් භාරයට ගන්නා ලද ජීප් රිය පරීක්ෂාවට ලක් කළේය’

 

“සර් කැබි හෝල් එකේ එහෙම සල්ලියක් නැහැ”

 

“එහෙනම් ඒකි ඒ සල්ලි ගන්න ඇති’”

 

“ජීප් එක ඇතුළත් චෙක් කරලා බලන්න”

 

ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට කීවේය’ නිලධාරිහු ජීප් රිය සෝදිසි කළහ’

 

“සර් ඇතුළේ සල්ලි ටික එහෙමම තියෙනවා’

 

“ඔක්කොම තියෙනවද?

 

“ඔව්’ සර් ලක්ෂ 19ම තියෙනවා’

 

“එහෙනම් ඒකිට ඒ සල්ලි ටික අහුවෙලා නැහැ” ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අසංකගෙන් ප්‍රකාශයක් ලබාගත් නිලධාරීන් සැකකාර කාන්තාව ගැන සොයා බලන බවත් ඇය සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණොත් පොලිසියට දන්වන ලෙසත් පවසා ඔහු මුදා හැරියේය’

 

විමර්ශන ඇරැඹුණද ආභරණ සහ රුපියල් ලක්ෂ 9ද රැගෙන පලාගිය නිරාශා ගැන කිසිදු හෝඩුවාවක් පොලිසියට ලැබුණේ නැත’ සිද්ධිය ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබුණද එමඟින් හෝ පොලිසියට කිසිදු අන්දමකින් ඇය ගැන තොරතුරක් නොලැබිණි’ නැත’ දින සති මාස ගණනින් ගෙවී ගියේ සිද්ධිය කාගේත් සිත් සතන් තුළින් බැහැර කරමිනි’

 

එහෙත් මේ පිළිබඳ එක්තරා පොලිස් කණ්ඩායමක් විමසිල්ලෙන් පසුවිය’ ඒ කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕළුගල ප්‍රමුඛ නිලධාරීන්ය’


 
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජිත් ද සිල්වා” උප පොලිස් පරීක්‍ෂක මධුෂාන් ඇතුළු කණ්ඩායමක්ද ඉංගිරිය පොලිසියට ගොස් මෙහි විමර්ශන ප්‍රතිඵල සොයා බලන්නට වූයේ ඒ අතරය’ කාන්තාවගේ උගුලට හසුව අන් අභරණ හා මුදල් දන් දුන් කෝටිපති ව්‍යාපාරිකයාද කැඳවා ඔහුගෙන් සිද්ධිය එකක් නෑර විමසුවේය’ ඉන් අනතුරුව නිලධාරීන් යොමුවූයේ කෝටිපති ව්‍යාපාරිකයා ඇය සමඟ සම්බන්ධවූ දුරකථන අංකය වෙතය’ එම අංකයෙන් ඇය ඔහු සමඟ කිහිප වතාවක්ම කතාබස් කර තිබීම විමර්ශනයට එක්තරා පිටිවහලක් ගෙන දුන්නේය’ නිලධාරීන් පොලිසියෙන් බව සඟවා ඇගේ දුරකථන අංකයට නාඳුනන අයකු මෙන් ඇමතුම් කිහිපයක්ම ගත්තේය’

 

“වැඩක් නැහැත්‍ව ඒ නොම්මරේ වැඩ කරන්නේ නැහැ” නිලධාරින් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ඒ බව දැන්වීය’

 

“සමහර විට ඒ සිම් එක අයින් කරලා ඇති”

 

ඒත් ඒ නොම්මරේ අරගෙන ඒ කොම්පැනියට ගිහින් ඒ සිම් එක ගත්තු කෙනාගේ ඇඩ්ඩ්‍රස් එක සොයාගන්න පුළුවන්නේ’ ඒ පැත්තෙන් බලන්න’” ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට කීවේය’ ඒ අනුව නිලධාරීන් අදාළ දුරකථන සමාගමට ඒ බව දන්වා විසන්ධි කරන ලද සිම්පත මිලදී ගත් පුද්ගලයා කවුදැයිද ඔහු ලබාදී ඇති ලිපිනයද සොයා ගත්තේය’ ඉන් පසු ඒ බව ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු කණ්ඩායමක් මාලබේ ප්‍රදේශයේ පදිංචි නිරාශාගේ නිවෙස සොයා ගියහ’

 

නිවෙසේ තරුණ කාන්තාවක් සමඟ හැඩිදැඩි පුරුෂයකුද විය’ ඒ ඇගේ සැමියා බව නිලධාරීහු සිතූහ’ ඔහු යුද හමුදාවේ හිටපු නිලධාරියෙකි’

 

“තමුන්ද නිරාශා කියන්නේව”

 

“ඔව් ඇයි”

 

“මේ කවුද”

 

“මේ මගේ මහත්තයාත්‍ව එයා ආමි එකේ”

 

නිලධාරීහු ඇය දෙස මහත් ඕනෑකමින් බැලූහ’ ඒ ඇගේ රුව සම්බන්ධයෙන් ඇතිවූ සැකය නිසාය’ සී’සී’ටී’වී’ කැමරාවේ සටහන්ව තිබූ රූපවල ඇයට දිගු වරලසක් ඇති බව පෙනෙන්නට තිබිණි’ ඒත් ඇය ඒ මොහොතේ සිටියේ කොණ්ඩය කොටට කපාය’ මේ නිසා නිලධාරීහු මහත් ගැටලු‍වකට මැදිවිය’ ඒ බව නොදැනෙන අයුරින් නිලධාරීන් ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය’

 

“පිස්සුද සර්ත්‍ව මම එහෙම කෙනෙක් දන්නෙත් නැහැ’ දැකලත් නැහැ”

 

“එතකොට තමන් ඒ පුද්ගලයාත් එක්ක ඉංගිරිය හෝටලයකට ගියේ නැහැ”

 

“අනේ නැහැ සර්’ ඔය කියන දවසේ මම හිටියේ මහ ගෙදරත්‍ව මේ මහත්තයගෙනුත් අහල බලන්න’ මම ඔහොම ජරා ගෑනියෙක් නෙමේ’ සර්ලට වැරැදිලා’ ඔය වෙනකෙනෙක්’ මට මොකටද සර් අනුන්ගේ රත්තරන් බඩු’ මට හොඳට සල්ලි තියෙනවා’ මම එහෙම ජරා වැඩ කරන ගෑනියෙක් නෙමේ’ මට දරුවෙකුත් ඉන්නවා’ මම මොකටද ඔය වගේ තිරිසන් වැඩක් කරන්න”

 

ඇය දිවුර දිවුරා කිවේ තමන් එවන් හොරකමකට සම්බන්ධ නැති බවය’ නිලධාරීන්ටද මෙය ගැටලු‍වක් ගෙන දුන්නේය’ නිලධාරීන් ඇය ඉදිරියේද සී’සී’ටී’වී’ දර්ශන නිරීක්‍ෂණය කළේය’ දර්ශන එතරම් පැහැදිලි නැතිවීමද විමර්ශනයට මහත් බාධාවක් විය’

 

“ඔය බලන්න සර්ත්‍ව ඕකේ ඉන්නේ හොඳට කොණ්ඩෙ දිගට තියෙන ලස්සන ගෑනු කෙනෙක්නේ’ මට දිග කොණ්ඩයක් නැහැනේ සර්ත්‍ව සර්ලට හොඳටම වැරැදිලා”

 

ඇය තවතවත් දේ කියමින් තමාගේ නිර්දෝෂිභාවය පෙන්නුම් කරන්නට වූවාය



“දැන් තමන් කියන්නේ මේ පින්තූරවල ඉන්නේ තමන් නෙමේ කියලානේත්‍ව හරි අපි හොයාගන්නම්කෝ මේ ඉන්නේ තමන්ම නෙමේද කියලා’ එතකොට තමන්ට වෙනදේ”


නිරාශා පොලිස් නිලධාරීන්ගේ උපදෙස් දෙස විමසිල්ලෙන් අසා සිටියාය’

 

“සර් මේ පින්තූරවල ඉන්නේ නම් මම නෙවේ’ ඒත් මේ ගෑනු කෙනා ඇඳගෙන ඉන්න නිල්පාට ටී ෂර්ට් එක මගේ’ “ඇගේ එම කතාවෙන් නිලධාරීහු අන්දුන් කුන්දුන් වූහ’
“ඒ කිව්වේත්‍ව ඔයාගේ ටීෂර්ට් එක කොහොමද ඒ ගෑනු කෙනා ඇඳගෙන ඉන්නේ”

 

ඊට පිළිතුරු දෙමින් ඇය එම කතාව කියන්නට පටන් ගත්තාය’

 

“එයාගේ නම අචලා” එයා මට හම්බ වුණේ සැලු‍න් එකකදී’ එයා අපේ ගෙදර යනවා එනවා’ දවසක් එයා අපේ ගෙදර ආව වෙලාවක මම එයාට වම්බටු මෝජුවක් හදලා දුන්නා ගෙදර ගෙනියන්න’ ඒක එයා ඇඳගෙන හිටියේ ඇඳුමේ හලා ගත්තා’ පස්සේ මම මගේ ඔය ටීෂර්ට් එක දුන්නා එයාට ඇඳගෙන යන්න කියලා’ ඒක තමයි ඔය’ ඒ අචලා වෙන්න ඇති”

 

නිරාශා පොලිස් නිලධාරීන් ඉදිරියේ කීවාය’

 

පොලිස් නිලධාරීහු පඹ ගාලක පැටලිණි’ ඇය කියන්නේ ඇත්තක්දත්‍ව එහෙනම් අචලා කවුද? ඇය කෝත්‍ව මෙවන් ප්‍රශ්න රැසකට නිලධාරීන් මැදිවිය’ කෙසේ වෙතත් ඇගේ කතාව නිලධාරීන් විශ්වාස කළේ නැත’

 

“සර් මෙයා කියන්නේ ඒ සී’සී’ටී’වී’වල ඉන්නේ මෙයා නෙමේම කියලයි’ ඒ ෆොටෝ එකේ ඉන්න ගෑනු කෙනා ඇඳන් ඉන්න ටීෂර්ට් එක විතරක් මෙයාගේලු‍’ මේකි අපිව අන්දවන්න හදනව වගේ සර්”

 

“හැබැයි ඒ සී’සී’ටී’වී’ පින්තූරවල ඉන්න ගෑනිගේ කොණ්ඩය දිගයි’ මේ ගෑනිගේ කොණ්ඩය කොටයි’ මොකක්ද සර් කරන්නේව’”

 

නිලධාරීන් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාගෙන් කරන්නේ කුමක්දැයි විමසා සිටියේය’

 

“සර්ත්‍ව අපි මේ ගෑනිගේ ෆෝන් එකේ තිබිලා ඒකිගේ පින්තූර දෙකතුනක් ගත්තා’ ඒවායේ මේ ගෑනිගේ කොණ්ඩය හොඳට දිගට තියෙනවා’ මම හිතන්නේ මේකී මෑතකදී කොණ්ඩෙ කොටට කපලා වගේ”

 

“හරි ඒ ඔයගොල්ලෝ ඔය ගෑනු කෙනාගේ මුළු ගේම චෙක් කරන්න’ අර මනුස්සයගෙන් ගත්ත රත්තරන් බඩු හරි සල්ලි හරි ගෙදර කොහේ හරි හංගලා තියෙන්න පුළුවන්’ හොඳට චෙක් කරන්න”

 

සහකාර පොලිස් අධිකාරි ඕලු‍ගලගේ උපදෙස් පරිදි නිලධාරීහු ඇගේ නිවෙසේ බඩු බාහිරාදිය සියුම් ලෙස පරීක්‍ෂා කරන්නට වූහ’

 

සෝදිසි කිරීමේ යෙදුණු නිලධාරියෙක් ඒ සම්බන්ධ කළ විමසීමේදී කීවේ මෙවැන්නක්ය’

 

“අපි ගෙදර හැම තැනම චෙක් ක ලෙස ප්‍රශ්න කිරීමේදී ඇය ඒ සම්බන්ධයෙන් මෙසේ කීවේය’

 

“ඕක මගේ යාළුවා මට අරන් තියන්න කියලා ගෙනත් දුන්න එකක්”

 

“කවුද යාළුවා”

 

නිලධාරීන් ඇගෙන් විමසීය’

 

“අර සැලු‍න් එකේදී හම්බවුණු අචලා”

 

“එයා යාළුවෙලා ඉන්නේ කුඩුවලට ඇඩික් වෙලා ඉන්න කෙනෙක් එක්ක’ දවසක් අචලා මට පාර්සලයක් ගෙනත් දුන්නා’ ඒක එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ආවොත් දෙන්න කියලා’ ඒක මම අල්මාරියේ තියලා තිබුණා’ ඒක තමයි ඔය”

 

 

ඒ අතරතුර පොලිස් නිලධාරීන් සිද්ධියට අදාළ කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධ කර ගනිමින් නිරාශාගේ නිවෙසේ තිබී සොයාගත් මැණික් මුදුව දුරකථනයෙන් ඔහුට පෙන්වා සිටියේය’

 

“සර්ත්‍ව ඔව් ඒක තමයි මගේ මුද්දත්‍ව මගේ ඇඟිල්ලේ තිබිලා ඕකි ගලවගෙන ඇවිත්ත්‍ව ඕකි බොරු කියන්නේත්‍ව ඔය කොණ්ඩේ කපලා හිටියට ඕකි තමයි ඒ ගෑනි’ සර් ඕන නම් බලන්න එයාගේ අතේ ටැටුවකුත් ගහලා තියෙනවා’”

 

ඔහු නිලධාරීන් දැනුවත් කරමින් කීවේය’ පසුව කාන්තා පොලිස් නිලධාරිනියක් යොදවා ඇගේ දෙඅත් නිරීක්‍ෂණය කරද්දී නිරාශාගේ එක් අතක ටැටූ සලකුණක්ද විය’ ඒ අනුව පොලිසිය සැක කළේ රන් ආභරණ හා මුදල් කොල්ලකා පලාගිය කාන්තාව මැයම වන්නට ඇති බවය’ එහෙත් ඇය ඒ කිසිවක් පිළිනොගත්තාය’

 

“මම මුකුත් දන්නේ නැහැ සර්”

 

ඇය පොලිස් නිලධාරීන් ඉදිරියේ නැවතත් එකහෙළාම කීවාය’

 

 

එහෙත් කොල්ලකා ගත් රන් මුදුව ඇගේ නිවෙසේ අල්මාරියක තිබී සොයා ගැනීමත් සමඟ ඇය සැකපිට අත්අඩංගුවට ගත් කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඇය එම ඒකකයට රැගෙන ගොස් සිද්ධියට අදාළ කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔහුට ඇය සම්බන්ධ කර දුන් මිතුරාද ගෙනවිත් නැවත ප්‍රකාශ ලබා ගනිද්දී ඔවුන් දෙදෙනාම කීවේ කොණ්ඩය කොටට කපා වෙස් මාරු කර සිටින්නේ ඇයම බවයි’

 

පසුව සැකපිට අත්අඩංගුවට ගත් හත ලෙස ප්‍රශ්න කළද ඇය පවසන පරිදි ඇගේ මිතුරිය සම්බන්ධයෙන් තොරතුරු හෝ නිවැරැදි ලිපිනයක් පොලිසියට දීමට ඇය අපොහොසත් වූවාය’ පසුව ඇය හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි’

 

“අපිට මේ ගැන තවත් තොරතුරු ලැබුණා’ මේ වගේ දෙයක් වුණාම මිනිස්සු ලැජ්ජාවට පත්වෙනවනේ’ ඒ නිසා මොනවා හොරකම් කර ගෙන ගියත් මේ පුද්ගලයෝ පොලිසියට පැමිණිලි කරන්නේ නැහැ’ ලැජ්ජාවටයි ගෙවල්වල බිරින්දන්” දරුවන්” ඥාතීන් දැනගත්තොත් පවුල් ජීවිත සේරම ඉවර වෙන නිසා ඒ” පාඩුව දරාගෙන නිශ්ශබ්දව ඉන්නවා’ මේ පුද්ගලයාට වුණෙත් එහෙම දෙයක්’

 

අන්තිමට කෝටිඑකහමාරක රත්තරන් මාලයත් නැතිවුණා’ ලක්‍ෂ 09කුත් නැතිවුණා’ හොඳ වෙලාවට වාහනේ තිබුණු අනිත් ලක්‍ෂ 19 ඔය ගෑනිට අහුවුණේ නැත්තේ”

 

(අසංක” නිරාශා සහ අචලා මන-කල්පිත නම්ය) පොලිස් විමර්ශන ඇසුරෙන් ලිපිය සකස් කෙරිණි’

views

823 Views

Comments

arrow-up