ගණුදෙනුකරුවන්ගෙ යට ඇඳුම් අඳින ගලධාරි මැනේජර් කවුද ? - හෝටලයට ලැබුණු අලුත්ම Review මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ගණුදෙනුකරුවන්ගෙ යට ඇඳුම් අඳින ගලධාරි මැනේජර් කවුද ? - හෝටලයට ලැබුණු අලුත්ම Review මෙන්න

ගණුදෙනුකරුවන්ගෙ යට ඇඳුම් අඳින ගලධාරි මැනේජර් කවුද ? - හෝටලයට ලැබුණු අලුත්ම Review මෙන්න

ගලධාරී හෝටලය වෙත මේ වන විට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

 

ඒ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක කෙරෙන ‘ගෝඨාගෝගම’ ඉවත්කිරීම වෙනුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කර ඇති නඩුවේ පොලිසියේ සහයට ප්‍රකාශ ලබා දී ඇති පිරිස අතර එම හෝටලයේ ලොබි කළමණාකරු වන සනත් කුමාර නම් පුද්ගලයාද සිටින බැවින්.

 

ගලධාරී හෝටලයේ අනුදැනුම ඇතිව නඩුව වෙනුවෙන් මෙම පුද්ගලයා සාක්ෂි ලබාදී මෙම ජනතා අරගල භූමිය එම ස්ථානයෙන් ඉවත්කිරීමට ඔවුන් කටයුතු කරමින් පවතිනවා.

 

මෙම අශෝභන ක්‍රියාවට විරෝධය පා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගලධාරී හෝටලයේ නිල ෆේස්බුක් පිටුවට ගොස් එම හෝටලය සඳහා අයහපත් ප්‍රතිචාර (Bad Review) ලබාදී තිබෙනවා.

 

මේ අතර එක් bad review එකක් ඉතා ඉක්මනින් ජනප්‍රිය වී ඇත.එහි  එම පුද්ගලයා සදහන් කර තිබුනේ තමාගේ යට ඇදුම ගලදාරී හෝටලයේ ජල තටාකය මත නැතිවී ඇති අතර පසුව එම යට ඇදුම හොටලයේ කළමනාකරුවෙකු හැද සිටිනු තමා දුටු බවත්ය.

 

මෙම පුද්ගලයා සදහන් කල කරුනේ සත්‍ය අසත්‍ය පිළිබඳ තොරතුරු අප වෙත ලැබී නොමැත.

 

කෙසේ වෙතත් මේ වන විට තරු 5 ක ඉතා හොඳ ප්‍රතිචාර තිබූ එම සමාජ මාධ්‍ය පිටුව තරු 1 දක්වා වේගයෙන් පහළ බැසීම හේතුවෙන් ගලධාරී හෝටලයේ පාලනාධිකාරිය සිය නිල ෆේස්බුක් පිටුව වෙත ප්‍රතිචාර (Review) දැක්වීමේ පහසුකම මේ වන විට අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

 

 

views

913 Views

Comments

arrow-up