ඥානා අක්කා අරගලයට වතුර මතුරලා බෙදලා....
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ඥානා අක්කා අරගලයට වතුර මතුරලා බෙදලා....

ඥානා අක්කා අරගලයට වතුර මතුරලා බෙදලා....

ගාලුමුවදොර දී මේ වනවිට පැවැත්වෙන ජන අරගලයට අදට දින තිහක් සම්පූර්ණයි. මෙම අරගලය පටන්ගත් දින සිට විවිධාකාරයේ විරෝධතාවයන් ඉදිරිපත් වූ අතර රජයෙන් ද විවිධාකයේ මර්ධන පිළිවෙත් අනුගමනය කරන ආකාරයක් අප දුටුවා.

 

කෙසේ නමුත් ජාත්‍යන්තර අවධානය නිසා බොහෝ අවස්ථාවන් වල දී රජයට සහ ආරක්ෂක අංශයන්ට මේ අරගයලයට කල හැකි දේ බොහෝ සීමිත වපසරිකය පැවතුනා. ජනතාවත් සාමකාමි අරගලය තුළ විවිධාකාරයේ ප්‍රකාශනයන් හරහා රජය කෙරෙහි වූ අප්‍රසන්නතාව සහ පිළිකුල සාමකාමි ආකාරයට ඉදිරිපත් කරණු ලැබුනා.

 

ඒ අතරම අපට වාර්තා වන්නේ ඥානා මෑණියන් විසින් අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් වසඟයට ගැනීමය අවශ්‍ය ආකාරයේ පූජාවක් සිදුකර ජල මැතිරීමක් කර ඇති බවයි. ඒ අනුව මැතිරූ ජලය බෝතල් කර අරගල භූමියට බෙදා හරි බව ද ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

 

ඔවුන් පවසන ආකාරයට මල් වර්ග දුසිම් ගණනක් ගෙන කල මේ පූජාවට බොහෝ දුර්ලභ කැලෑ මල් වර්ග සොයාගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයෙන් බව වාර්තාවනවා. ඒ හැරුනුකොට එසේද සොයාගත නොහැකි මල් වර්ග ඉන්දියාවෙන් ආනයනය කල බවද සඳහන් වනවා.

 

සියලු පූජාවෙන් පසු බල ගැන්වූ ජලය බෝතල් කර අරගල භූමියේ බෙදාහැරි බව ද ආරංචි මාර්ගවලින් පැවසෙනවා. කෙසේ නමුත් ඥානා අක්කාගේ වතුර වල බලය පිළිබඳව අපට දැනගන්නට වෙන්නේ තව ටික දවසකින් අරගල භූමිය හිස් වුවහොතින්ය.

 

කෙසේ නමුත් අරගල භූමියේද විවිධාකාර යාගහෝම පැවති අතර කටු හුනියමක් ද කළ බව වාර්ථාවනවා. එසේම ඊයේ දිනයේ දී ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව විසින් ජනපති සහ අගමැති මාඩසාමි දෙවියන්ට ද බාර කළබව ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

views

1225 Views

Comments

arrow-up