විවේචන රැසක් මැද හැමෝගෙම ප්‍රශ්නවලට උත්තර අරන් ආ රන්වීර් සහ දීපිකා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

විවේචන රැසක් මැද හැමෝගෙම ප්‍රශ්නවලට උත්තර අරන් ආ රන්වීර් සහ දීපිකා (PHOTOS)

විවේචන රැසක් මැද හැමෝගෙම ප්‍රශ්නවලට උත්තර අරන් ආ රන්වීර් සහ දීපිකා (PHOTOS)

දීපිකා පදුකෝන් - රන්වීර් සිං දෙන්නා හරි අපූරු සේයා රූ එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා.

 

ඡායාරූප එකතුව විශේෂ වෙන්නෙ, මව් පදවියට සැරසෙන දීපිකා සිය කුස මනාව පෙනෙන විදියට ඊට පෙනී ඉන්නා නිසාවෙන්.

 

 

ගැබ් ගැනීම නිවේදනය කළ තැන සිටම සුබපැතුම්වලටත් වඩා දීපිකාට එල්ල වුණේ විවේචන කිව්වොත් හරි.

 

බොහෝදෙනා අනුමාන කරන්න ගත්තා, ඇය ව්‍යාජ ලෙස සිය කුස බාහිර සමාජයට පේන්න සකසාගෙන ඇති බවක්.

 

නමුත් ඒවාට දීපිකා හෝ රන්වීර් උත්තර දෙන්න ඉස්සර නොවීම කැපී පෙනුණා.

 

එවන් විවේචන මැදයි, දීපිකා - රන්වීර් දෙන්නා මේ අපූරු ඡායාරූප එකතුව සමාජ මාධ්‍ය වෙත එකතු කරලා තිබුණෙ.

 

 

තමන් පළමු දරුවා අපේක්ෂාවෙන් පසුවන බව නිල වශයෙන් ම පෙබරවාරි මාසයේදී නිවේදනය කළ පසු, දරුවා ලැබීමට නියමිත සැප්තැම්බර් මාසයේදී බවත් ඔවුන් එහි සඳහන් කරලා තිබුණා.

 

කොහොම නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, දීපිකා සැප්තැම්බර් 28 වැනිදා මුම්බායිහිදීයි දරුවා ප්‍රසූත කිරීමට නියමිතව ඇත්තෙ.

 

 

 

 

 

views

202 Views

Comments

arrow-up