යූ ටියුබ් තිබූ සෙල්ලමක් පාසලේදී අත්හදාබලන්න ගිය සිසුවාට නවතින්න වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

යූ ටියුබ් තිබූ සෙල්ලමක් පාසලේදී අත්හදාබලන්න ගිය සිසුවාට නවතින්න වූ තැන

යූ ටියුබ් තිබූ සෙල්ලමක් පාසලේදී අත්හදාබලන්න ගිය සිසුවාට නවතින්න වූ තැන

යූ ටියුබ් නාළිකාවල විකාශය වන ක්‍රීඩාවක් අත්හදා බැලීමට ගිය කොච්චිකඩේ දඬුවකොටුව ප්‍රසිද්ධ පාසලක සිසුවකු තවත් සිසුවකුට ගලකින් පහර දීමේදී ඇසට බරපතළ තුවාලයක් සිදු වූවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

පහර කෑමට ලක්වූ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා මේ වන විට මීගමුව රෝහලේ ඇස් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ ඇසට බරපතළ පහරක් වැදී ඇති බවත් ඒ සඳහා කලක් ප්‍රතිකාර කිරීමට සිදුවන බවත් වෛද්‍යවරු සඳහන් කළ බව සිසුවාගේ පියා පැවැසීය.

 

සිසුන් පිරිසක් දෙකට බෙදී විද්‍යාලයේ ගුරුමේසවලට දමා තිබූ රෙදිවලින් සිසුන්ගේ මුහුණු වසා පහර දීම මෙම ක්‍රීඩාව මගින් සිදුව තිබේ.

 

අදාළ සිසුවාට එලෙස පහර දීමට යාමේදී ඔහු ඉන් බේරීම සඳහා දිව යන විට තවත් සිසුවකු විසින් එල්ල කළ ගල් පහරක් වැදී මෙම තුවාලය සිදුවූ බව එම සිසුවා ප්‍රකාශ කර ඇත.

 

ඇසෙන් ලේ වෑහෙන විට අනෙක් සිසුන් එම ලේ රෙදිවලින් පිස දැමූ බව පහරකෑමට ලක්වූ සිසුවා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

තමන් එළ ගවයන් ඇති කරමින් ලැබෙන ආදායමෙන් ජීවිකාව කරගෙන යන බවත් එම නිසා මේ පිළිබඳ සොයා බලා දරුවා සුව කරගැනීමට ඊට වගකිය යුත්තන්ට දායක වන ලෙසත් එම දෙමව්පියෝ ඉල්ලා සිටිති

 

කොච්චිකඩේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

views

336 Views

Comments

arrow-up