“දවස් දෙකක් තිස්සේ ‌කෝල්ස් ආන්සර් කළේ නෑ. ගෙදර ගිහිං බලද්දි....”‍ - ”‍සොෆියා ලියෝන්ගේ”‍ අභිරහස් මරණයේ තතු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

“දවස් දෙකක් තිස්සේ ‌කෝල්ස් ආන්සර් කළේ නෑ. ගෙදර ගිහිං බලද්දි....”‍ - ”‍සොෆියා ලියෝන්ගේ”‍ අභිරහස් මරණයේ තතු

“දවස් දෙකක් තිස්සේ ‌කෝල්ස් ආන්සර් කළේ නෑ. ගෙදර ගිහිං බලද්දි....”‍ - ”‍සොෆියා ලියෝන්ගේ”‍ අභිරහස් මරණයේ තතු

ඔයා Facebool එකේ Active කෙනෙක් නම්, පසුගිය දිනවල සීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ Viral වුණු, ඇලඩින් කතාවේ "ජෙස්මින්" ලෙස සැරසුණු තරුණියකගේ නිල් චිත්‍රපටයක රූප රාමුවලට අදාළ ෆොටෝස් ටික අනිවාර්යයෙන්ම දැකලා ඇති.

 

"I think i have downloaded wrong Aladdin movie" කියන ව්‍යාංගාර්ථය සහ හාස්‍ය මුසු වාක්‍ය ඛණ්ඩයත් එක්ක තමයි මේ ෆොටෝස් ටික Viral වුණේ.

 

 

හැබැයි මේ ෆොටෝස්වල පෙනී ඉන්න ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක් වූ "සොෆියා ලියෝන්" තම නිවස තුළ මියගොස් සිටියදී ඊයේ දිනයේ සොයාගෙන තිබෙනවා.

 

දවස් 02 ක් තිස්සේ සිය සුළුපියා විසින් ලබාදුන් කිසිම දුරකථන ඇමතුමකට සොෆියා ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වුණු සැකය මත, ඇය පදිංචි වී සිටි මහල් නිවාසය පරීක්ෂා කිරීමේදී ඇගේ සිරුර දැකගත හැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

මෘත ශරීරය සොයාගන්නා විට මරණය සිදුවී දින 02කට ආසන්න කාලයක් ගත වී ඇති බව අනුමාන කෙරෙනවා.

 

දැනට සැක පළ කරන්නේ මෙය සියදිවි නසාගැනීමක් හෝ සීමාව ඉක්මවා මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවූ මරණයක් බවටයි. කෙසේ වෙතත්, මෙය කිසිවෙකු විසින් සිදුකළ මිනීමැරුමක් බවට අනුමාන කරන බවයි, සොෆියා ලියෝන්ගේ නියෝජිතායනය ප්‍රකාශ කර ඇත්තේ.

 

මිය යනවිට ඇය 26 වන වියේ පසුවුණා.

 

සොෆියාගේ මරණය, මේ වසර තුළ නිල් චිත්‍රපට කර්මාන්තය තුළ සිදුවූ සිව්වන මරණය බවටයි වාර්තා වන්නේ.

 

සොෆියාට පෙර මේ වසරේදී Kagney Linn Karter, Jesse Jane සහ Thaina Fields මියගොස් තිබෙනවා.

 

views

376 Views

Comments

arrow-up