ලෝකයේ සූරුපීම තරුණිය චෙක් ජනරජයෙන් - වසර 28කට පසු ඉන්දියාවට පැමිණි රූප සුන්දරියන් මෙන්න

2024 වසරේ ලෝක රූ රැජින ලෙස චෙක් ජනරජයේ ක්‍රිස්ට්යානා සිස්කෝවා (Krystyna Pyszková) තේරී පත් වී තිබෙනවා.
ඒ, ඉන්දියාවේ මුම්බායි හි අතිඋත්කර්ශවත් අන්දමින් පැවැති තරගාවලියේ දීයි.
ලෝක රූ රැජින තරගාවලියක් ඉන්දියාවේ දී පවත්වා ඇත්තේ, වසර 28කට පසුව වීමත් විශේෂත්වයක්.
ඉන්දියාව නියෝජනය කරමින් මෙම තරගාවලියට 22 හැවිරිදි සිනි ශෙට්ටි තරග වැදුණා.
ඇය පළමු අට දෙනා අතරට තේරී පත් වූ බව සඳහන්.
71 වන ලෝක රූ රැජින තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරියන් ඉදිරිපත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා (Krystyna Pyszková) නිරූපිකාවක් ද වනවා.
එමෙන් ම ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
චෙක් ජනරජය ලෝක රූ රැජින කිරුළක් අවසන් වරට ජය ගනු ලැබුවේ 2006 වසරේ දීයි.
2023 ලෝක රූ රැජින ලෙස තේරී පත් වූ පෝලන්ත ජාතික කැරොලිනා බියෙලාව්ස්කා ක්‍රිස්ටියානාට කිරුළ පැළඳවූ බව සඳහන්.
ලෙබනනයේ යැස්මින් මයිටෝන් දෙවන ස්ථානයට පත් වූ අතර ට්‍රිනිඩෑඩ් සහ ටොබාගෝ දූපත් රාජ්‍ය නියෝජනය කළ ආචේ ඒබ්‍රහෑම්ස් තෙවන ස්ථානයට පත් වූ බව විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන්.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, 27 හැවිරිදි කාවින්දි නෙත්මිණි තරග වැදුණා.
ඇය නිරූපිකාවන් මෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් ද වන බව සඳහන්.
242 Views
Comments