“මනුස්ස ජීවිතේට අර්ථයක් දීලා මිනිස්සු වෙන්න, කීබෝඩ් වැඩ්ඩො පව්..” - දිනේෂ් බුකියේ ඇවිලෙයි

තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කාටවත් වැරැද්දක් කළත් නොකළත් හේතු විරහිතවම අනේක වූ විවේචනවලට මුහුණ දෙන්න වන කොටසක් තමයි, ජනප්‍රිය චරිත කියන්නෙ.
ඒක ලෝක මට්ටමේ ඉඳන්ම එහෙමම තමයි.
විටෙක විවේචනය වෙන්නෙ ඔවුන්ගෙ කලාව. තවත් විටෙක පෞද්ගලික ජීවිතය.
කොහොම කෙතරම් විවේචන එල්ල වෙනවා වුණත්, තමන්ගේ ගමනට ඉන් හානියක් නොකර ගන්නා තරු ඒ අතර ඕනෑ තරම්.
ජනප්‍රිය ගායක දිනේෂ් තරංග කියන්නෙ එහෙම කෙනෙක්.
අර කිව්වා වගේම ඔහු ද කලා කටයුතු පැත්තෙන් ගත්තත් සිය පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තත් කාලයක් තිස්සෙ සමාජ මාධ්‍ය තුළ විවේචන ලබන අයෙක්.
ඒ සියල්ල නිහඬව දරාගෙන ඉන්න අවස්ථා වැඩි වුණාට, ඉඳලාම ඒවට උත්තර දෙන්නත් ඔහු අමතක කරන්නෙ නෑ.
එහෙම දුන්නු, තරමක දැනෙන උත්තරයක් තමයි මේ.
'කෙනෙක්ගේ මහන්සියට, කැපවීමට සහ උත්සහයට හිනාවෙන ජීවියෙකුට මම කීබෝඩ් එක පාවිච්චි කරලා දුන්න පිළිතුර වැරදි නෑ නේ.......
කීබෝඩ් වැඩ්ඩො සුළුතරේ පව්!!!!
අපි මේ මනුස්ස ජීවිතේට අර්ථයක් දීලා "මිනිස්සු" වෙන්න, උදේ හවස දුවනකොට, මේ ජීවියෝ ඒ උත්සහය බාල කරන්නේ ඇයි????
අපි කාටත් තහනමක් නෑනෙ අරමුණු තියාගන්න!!!!
එහෙම නේද.........
පසුව ලියමි
මාව වචනවලට නවත්තන්න පුළුවන් මනුස්සයෙක් උනා නම් මම මැරුණු තැන්වල ගසුත් පැළවෙලා. මේක දැම්මේ මේ ටික කියන්නයි.....
"කෙනෙකුට අත දෙන්න.... හයියක් වෙන්න.... දිරි ගන්නවන්න බැරි නම් අඩුම ගානේ නිහඬව ඉන්න පුළුවන් ජාතියක් වෙමු"
249 Views
Comments