“කලින් එක්කෙනා හැන්ඩ්සම්. මම ඒ තරම් හැන්ඩ්සම් නෑ.. ආන්ටි සැරයිනේ” - නතාශාව ළඟ තියන් ප්‍රිහාන් කියු පුදුම හිතෙන කතාව (PHOTOS)

නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.
ඇය ගැන පසුගිය කාලේ ගොඩක් කතාබහ ඇතිවුණේ ඇය දික්කසාද වුණා කියන ප්‍රවෘත්තියත් එක්ක.
මේ හේතුව නිසාම "ඒ කතාව බොරුවක්" කියන්න, නතාශා මාධ්‍ය ඉදිරියට ආවා.
නතාශාගේ කැමැත්ත ගන්න කාපු කට්ට ගැන, ප්‍රිහාන් කිව්වෙ මෙහෙම කතාවක්...
"එකපාරම කැමති වුණේ නෑ.. ආන්ටි (නතාශාගේ මිත්තණිය) පොඩ්ඩක් සැරයිනේ.. නතාශා කැමති නම් ප්‍රශ්නයක් නෑ කියලයි කිව්වේ. කොහොම හරි අන්තිමට කැමති වුණා.."
විහිලුවට වගේ ප්‍රිහාන් කිව්වෙ නතාශාගේ කලින් පෙම්වතා හරි හැඩයිලූ.
"කලින් එක්කෙනා හැන්ඩ්සම්. කම්පෙයා කළොත් මම ඒ තරම් හැන්ඩ්සම් නෑ.."
ප්‍රිහාන් එක්ක නතාශා යාලුවුණේ සල්ලි නිසාද? නැත්තම් ?
"ඇත්තටම සල්ලි තිබිලා නෙවෙයි.. ප්‍රිහාන් හරිම අන්ඩස්ටෑනින්.. අපි දෙන්නා ගොඩක් වෙනස් දෙන්නෙක්. පරස්පර සිතුම් පැතුම්. ආස දේවල් ගත්තොත් ගොඩක් වෙනස්. ඒක බැලන්ස් කරන් යනවා. නොගැළපෙන ම දෙන්නෙක් වුණත් තමන්ගේ අතේ තියෙන්නෙ ගළපා ගැනීම. ඝට්ටන තියනවා, නැතුව නෙවෙයි. ඒවා එකිනෙක විඳ දරාගන්න ඕනෙ. ඕන තරම් බිඳ වැටීම් වෙලා තියනවා. ඒක ඉතින් තමන් මත ඩිපෙන්ට් වෙන්නෙ..."
117 Views
Comments