අනූ දෙහැවිරිදි සුපිරි ධනවතෙක් වන රූපට් මර්ඩෝක් පස්වැනි වරටත් විවාහ වෙයි? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

අනූ දෙහැවිරිදි සුපිරි ධනවතෙක් වන රූපට් මර්ඩෝක් පස්වැනි වරටත් විවාහ වෙයි? (PHOTOS)

අනූ දෙහැවිරිදි සුපිරි ධනවතෙක් වන රූපට් මර්ඩෝක් පස්වැනි වරටත් විවාහ වෙයි? (PHOTOS)

මාධ්‍ය ලෝකයේ ධනවතෙකු වන රූපට්  මර්ඩොක් පස්වැනි වතාවටත් විවාහ දිවියට එළැඹීමට සූදානමින් සිටින බව පවසයි.

 

92 හැවිරිදි වියේ පසුවන මර්ඩොක්ගේ මෙවර මනාලිය වන්නේ අවුරුදු 65ක් වයසේ පසුවන හිටපු පොලිස් නිලධාරීනියක වන ඇන් ලෙස්ලි ස්මිත්ය.

 

පසුගිය සැප්තැම්බර් මාසයේදී  කැලිෆෝනියාවේ පැවැති උත්සව අවස්ථාවකදී දෙපල ප්‍රථම වරට හමුවී තිබේ. ඉන් අනතුරුව ඔවුන් එකිනෙකා හා සමීපව කටයුතු කර ඇති අතර, අවසානයේදී විවාහවීමට තීරණය කර තිබේ.

 

මර්ඩොක් මේ තීරණය සම්බන්ධයෙන් ඔහුටම අයත් The New York Post පුවත්පතට අදහස් දැක්වීමක් සිදු කරමින්, ”මම යළිත් වතාවක් ආදරයෙන් වෙළෙන්න තීරණය කළා. හැබැයි මම දන්නවා මෙය තමයි මගේ අවසන් අවස්ථාව. මම සතුටින්.” යනුවෙන් පවසා තිබේ. මේ දක්වා සිවු වතාවක් විවාහ වී ඇති මර්ඩොක්ගේ අවසන් බිරිඳ වූයේ ජෙරී හෝල්ය.

 

පසුගිය වසරේදී දෙදෙනා දික්කසාද විය. මර්ඩොක් මීට පෙර ඔස්ට්‍රේලියානු ගුවන් සේවිකාවක වන පැට්‍රිෂියා බූකර්, ස්කොට්ලන්තයේ උපත ලැබූ මාධ්‍යවේදිනියක වන ඈන් මාන් සහ චීනයේ උපත ලැබූ ව්‍යවසායිකාවක වන වෙන්ඩි ඩෑන්ග් යන තිදෙනා සමග විවාහ විය.

 

views

87 Views

Comments

arrow-up