දෙවියන්ගේ ඇස් වසා ඥානා මෑණිගේ දුවගේ නිවසේ තිබූ ලක්ෂ 80කට විදලා - මෙහෙකාරිය සැකයිලු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

දෙවියන්ගේ ඇස් වසා ඥානා මෑණිගේ දුවගේ නිවසේ තිබූ ලක්ෂ 80කට විදලා - මෙහෙකාරිය සැකයිලු

දෙවියන්ගේ ඇස් වසා ඥානා මෑණිගේ දුවගේ නිවසේ තිබූ ලක්ෂ 80කට විදලා - මෙහෙකාරිය සැකයිලු

හිටපු ජනපතිවරයෙකුගේ ගුප්ත බල උපදේශිකාව ලෙස ප්‍රකටව සිටි අනුරාධපුර ඥානා මෑණියන්ගේ දියණියගේ නිවසේ තිබූ රුපියල් අසූලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් සොරකමක් පිළිබඳව අනුරාධපුර පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

ඥානා මෑණියන්ගේ බෑනනුවන් විසින් පෙරේදා(20) අනුරාධපුර මූලස්ථාන  පොලිසියට පැමිණිලි කර ඇත්තේ රන් ආභරණ සමග රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් ද කොල්ලකරුවන් විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවය.



සොරකම් කර ඇති රන් භාණ්ඩ අතර, රුපියල් ලක්ෂ 48ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද රන් තැලි 03ක්ද, රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද වළලු  දෙකක්ද, රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද මුදු දෙකක්ද, රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද කරාබු ජෝඩු 02ක්ද, වන බව ව්‍යාපෘති කළමනාකරුවෙක්වන  ඥානා මෑණියන්ගේ බැණනුවන් පොලිසියට පවසා තිබේ.

 

ඔහු පවසා ඇත්තේ අල්මාරියේ පෙට්ටි තුනක තිබුණු මෙම රන් ආභරණ  ප්‍රමාණය ඊයේ (20) සොයන විට නොතිබුණු බවත් 02 දා උත්සවයකට සහභාගී වීම සඳහා ඒවා පැළඳ යළි එම ස්ථානයේම තැන්පත් කළ හෙයින් පසුගිය 02 දාත් 20දාත් අතර අදාල වත්කම් සොරකම් කර ඇති බවත්ය.



මේ වනවිට නිවසේ වසර 06ක් තිස්සේ සේවය කළ මෙහෙකාරිය මෙම සොරකමට සැක කරන බව පොලිසිය පවසයි. ඇය දැනට ඇයගේ සැමියාත් සමග ආ ගිය අතක් නැති බව ද පොලිසිය කියයි.

 

views

188 Views

Comments

arrow-up