“එතන පොඩි අකුරු වැරදීමක් වෙලා තියෙන්නෙ” - ජේතවන දාගැබේ අකුණු සන්නායක සිද්ධියට නම පැටලීම ගැන කියන්න මංජුල පුෂ්පකුමාර ලයිව් එයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

“එතන පොඩි අකුරු වැරදීමක් වෙලා තියෙන්නෙ” - ජේතවන දාගැබේ අකුණු සන්නායක සිද්ධියට නම පැටලීම ගැන කියන්න මංජුල පුෂ්පකුමාර ලයිව් එයි

“එතන පොඩි අකුරු වැරදීමක් වෙලා තියෙන්නෙ” - ජේතවන දාගැබේ අකුණු සන්නායක සිද්ධියට නම පැටලීම ගැන කියන්න මංජුල පුෂ්පකුමාර ලයිව් එයි

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පිරිසක් අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වුණා.

 

එම පුවතට අනුව, මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායකයෙක් ද ඊට අයත් වන බවයි සඳහන් වූයේ.

 

කෙසේ නමුත් ජනප්‍රිය ගායක මංජුල පුෂ්පකුමාර ෆේස්බුක් ලයිව් ඔස්සේ පැමිණ පැහැදිලි කර සිටියේ, එම සිද්ධියට අදාළ පිරිස් අතරට අයත් යැයි කියවෙන තමාගේ නම වැරදීමකින් පැතිර යන්නක් වන බවයි.

 

''කණගාටුදායක නිවුස් එකක් දැක්කා උදේ පාන්දර. මොකද මම මේ වෙද්දිත් ගෙදර ඉන්නෙ. මම දැක්කා මම අකුණු සන්නායකයක් ගලවන්න ගිහින් මේ වෙද්දි අත්අඩංගුවට පත්වෙලා කියලා. ඉතින් මම ගෙදර ඉන්නෙ. ඇත්තටම එහෙම දෙයක් නෑ. මෙතන ලොකු වැරදීමක් සිද්ද වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මම කරන්න ඕනි දේවල් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.

මොකද මේ වෙනකල් කිසිම කෙනෙක්ගෙන් රුපියලක්වත් වංචා කරලා ජීවත් වෙන මනුස්සයෙක් නෙවෙයි මම. ඒක දන්න මිනිස්සු දන්නවා. කමක් නෑ මඩ ගහන අය මඩ ගහන්න. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මම ඉස්සරහට ගන්නම්. බොහොම ස්තූතියි. මොකද හරි විස්තරයක් මුකුත් දන්නෙ නැතිව මිනිස්සු පුළුවන් තරම් මඩ ගහනවා මිනිස්සුන්ට. මොකද ඒක ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි. ප්‍රශ්නයක් නෑ. එහෙම දෙයක් නෑ. මම ඇත්තටම ගෙදර ඉන්නෙ. එහෙම දෙයක් මම කරා නම් මම ගෙදර ඉන්න විදියක් නෑනෙ. මම එහෙම වැරැද්දක් කරලා තියෙනවා නම් නීතියෙන් මට දඬුවම් ලැබෙන්න ඕනිනෙ. මට මේ ගැන හරි කණගාටුවක් තියෙනවා ලොකුවටම. මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ කියලා....''

 

පසුව ඔහු මෙලෙස තවත් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.

 

''මගේ නම සම්බන්ධව පොඩි නිවුස් එකක් ගියා. හරිම කණගාටුදායක නිවුස් එකක්. මොකද මම එහෙම ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒක හැමෝම දන්නවා. හරි අමාරුවෙන් තමයි තමන්ගෙ ව්‍යාපාරයක් කරගෙන සිංදුවක් කියලා ජීවත් වෙන්නෙ. මම සත්තු හදනවා පාරවල්වලින් ගෙනල්ලා. ජීවිතේ මේ වෙනකල් කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් රුපියලක ඩොනේෂන් එකක් අරගෙන නෑ. ඉතින් කණගාටුයි. හැබැයි මෙහෙමයි, එතන පොඩි අකුරු වැරදීමක් වෙලා තියෙන්නෙ. මම කාටවත් දොස් කියන්නෙ නෑ. එහෙම වැරදීම් වෙන්න පුළුවන් මිනිස්සු අතින්. ඉතින් ඇත්තටම ඒක වැරදීමක්. ඒ වැරැද්ද නිවැරදි කරයි අනිවාර්‍යෙන්ම. මට කියන්න තියෙන්නෙ, මම ෆීල්ඩ් එකට ආවෙ කොහොමද කියලත් හැමෝම දන්නවා. හරි අමාරුවෙන් ලොකු කට්ටක් කාලා තමයි මම මේ ෆීල්ඩ් එකට ආවේ. මම මෙච්චර සිංදු ගොඩක් කරගත්තෙත් ඔයාලගෙ ආදරෙත් එක්ක. මම කවදාවත් එහෙම නීති විරෝධි දේවල් කරපු කෙනෙක් නෙවෙයි....''

 

views

300 Views

Comments

arrow-up