ලංකාවේ ජනප්‍රියම තරු එක පොකුරට පෑයූ චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදයේ ඡායාරූප පෙළ (PHOTOS)

චන්දිමාල් ජයසිංහ කියූ සැනින්, ඔහුගේ 'රාජකීය උපන්දින සාදය' මතකයට එන එක දැන් හරි සාමාන්‍ය කාරණාවක්.
ඒක එහෙම වුණාට, චන්දිමාල්ගේ උපන්දින සාදය කවදාවත් ''සරල සාමාන්‍යය'' එකක් වුණේ නෑ.
මෙදා සැරෙත් ඒක එහෙම ම තමයි.
මීට පෙර අපි ඔබට කියූ ආකාරයට, ඊයේ (31) තමයි මේ වසරට නියමිත ඒ ''රාජකීය රාත්‍රිය'' යෙදුණෙ.
මෙවර සාදය නම්වෙලා තිබුණෙ ''CJ royal birthday gala 2024'' නමින්.
රතු රෝස යායකින් හැඩවුණු සාදය, සුපුරුදු පරිදි ''ලංකාවේ ජනප්‍රියම තරු එක පොකුරට පෑයූ, වසරේ දැවැන්තම උපන්දින සැමරුම'' බවට මෙවරත් කිරුළු දරා තිබුණා.
තවමත් එහි සම්පූර්ණ ඡායාරූප එකතුව නිකුත් වී නැතිමුත්, රාජකීය සාදයේ සොඳුරු බව දැකගැනීමට පුන පුනා බලා සිටි ඔබ වෙනුවෙන් ගෙනෙන සේයා රූ කිහිපයකි මේ.
793 Views
Comments