ඉන්දීය මැතිවරණය උණුසුම් වෙද්දී අගමැති මෝදි සියල්ල අතහැර භාවනාවට යයි (PHOTOS)

මේ ගෙවෙන්නේ ඉන්දීය මැතිවරණයේ උණුසුම් කාල සීමාවක්.
රට එහෙම මැතිවරණය එක්ක උණුසුම් වෙද්දි, අගමැති මෝදි භාවනා කරන්න පටන් අරන් !
ගොඩක් අය මේක දැකලා තිබුණේ, මෝදිගේ මැතිවරණ උපක්‍රමයක් හැටියට.
ඇත්තටම ඒක එහෙමද ??
වාර්තා වන හැටියට මෝදි මේ විවේකීව දවස් ගෙවන්නෙ කන්‍යාකුමාරිවල.
බොහෝදෙනාගේ මතය සිය තුන්වන ධුර කාලය ජයග්‍රහණය කිරීමේ අරමුණින් අගමැතිවරයා මෙලෙස බ්‍රහස්පතින්දා සවස කන්‍යාකුමාරි වෙත පැමිණ ජුනි 1 දා දිල්ලි බලා පිටත් වීමට නියමිත බව.
කොහොම නමුත් කන්‍යාකුමාරි හි ස්වාමි විවේකානන්දගේ ප්‍රතිමාවක් ඉදිරිපිට නරේන්ද්‍ර මෝදි භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝව සහ ඡායාරූප කාගෙත් සිත්ගෙන තිබුණා.
ඒ වගේම අග්‍රාමාත්‍යවරයා භාවනානුයෝගීව සිටින්නේ 1892 දී ස්වාමි විවේකානන්ද භාවනා කළ ස්ථානය වන ධ්‍යාන් මණ්ඩපයේ දී ඉන්දියාවේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ලබා ගැනීම සඳහා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
එය ඉන්දියන් සාගරය, බෙංගාල බොක්ක සහ අරාබි මුහුදේ පොදු ස්ථානය ද වන නිසාවෙන් කන්‍යාකුමාරි තේරීම ජාතික සමගිය පිළිබඳ පණිවිඩයක් ලබා දෙන බවයි භාරතීය ජනතා පක්ෂ නායකයින් පවසන්නේ.
කොහොම නමුත් මේ, අග්‍රාමාත්‍යවරයාගේ පළමු අධ්‍යාත්මික ගමන නෙවෙයි.
2019 ලෝක් සභා මැතිවරණ ප්‍රතිඵලයට පෙර ද අගමැති මෝදි උත්තරාකාන්ද් ප්‍රාන්තයේ එවැනිම අධ්‍යාත්මික ගමනක් ආරම්භ කර තිබුණා.
එවකට ඔහු කේදර්නාත් අසල ශුද්ධ ගුහාවක භාවනා කරන අයුරුයි ඡායාරූපවලින් පෙන්නුම් කළේ.
ලෝකයේම අවදානය දිනාගත් අදියර හතක් යටතේ පැවැත්වෙන මෙවර ඉන්දීය ලෝක් සභා මැතිවරණය ජුනි 1 වැනිදා අවසන් වීමට නියමිත අතර ජූනි 4 වැනිදා ඡන්ද ගණන් කිරීමට නියමිතයි.
278 Views
Comments