දැන් තමයි චංචලාට ඇත්තටම ඇඬෙන්නෙ - එයත් බැන්දා එහෙනම් (PHOTOS)

''මතක මන්දිර'' එහෙමත් නැත්නම් ''චංචලා'' එක්ක ආදරේ අරන් ආව මලිත් පෙරේරා කියන්නෙ, කාලය කොච්චර ගෙවිලා ගියත් රසික පිරිසගේ මතකයෙන් ඈත්වෙන චරිතයක් නෙවෙයි.
මලිත්ගේ නිර්මාණ කාර්යයට විතරක්ම නෙවෙයි බොහෝදෙනා ආදරේ කරන්නෙ...
මලිත්ට තියෙනවා එක පාරක් නෙවෙයි දෙතුන් සැරයක්ම හැරිලා බලන්න හිතෙන තරම් අතිශය කඩවසම් රූපයක්.
ඒ නිසාම ඔහුට රසිකාවියන්ගෙන් ලැබෙන ආකර්ෂණය නම් අඩුවක් නෑ.
අන්න එහෙම ''මලිත්ට පිස්සු වැටිලා වගේ'' ඉන්න රසිකාවියන්ගෙ හිත පොඩ්ඩක් විතර රිදෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙන්න අරන්.
පහුගිය දවසක මලිත්ගේ උපන්දිනය යෙදිලා තිබුණා.
ඒ දවස ඔහුට විශේෂ වුණේ උපන්දිනය නිසා විතරක්ම නෙවෙයි.
ඒක එහෙම විශේෂ කාරණයක් වුණේ මෙන්න මේ හේතුව නිසා....
ඈ නමින් මිනෝලි... ඡායාරූපයත් එක්කම ඔහු තබන ලද සටහනකුත් අපේ ඇස ගැටුණා.
''ඒකත් එහෙම සිද්ද වුණා. උපන් දිනේ දවසෙම මේකත් කලා
පෞද්ගලික දේවල් සාමාන්‍යයෙන් දාන්නෙම නැහැ මේ පලවෙනි සහ අවසාන අවස්තාව වෙන්න පුලුවන්
ජය වේවා ''
''මම ඔබව නිල වශයෙන් මගේ පවුලට සාදරයෙන් පිළිගන්නවා....''
257 Views
Comments