ජීවිත ගණනාවක හුස්මට අපේක්ෂාවක් දී උපේක්ෂා යන්නම යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

ජීවිත ගණනාවක හුස්මට අපේක්ෂාවක් දී උපේක්ෂා යන්නම යයි

ජීවිත ගණනාවක හුස්මට අපේක්ෂාවක් දී උපේක්ෂා යන්නම යයි

රිය අනතුරකින් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුණියක් පෙරේදා (23) ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඇගේ අවසන් කැමැත්තට අනුව අක්ෂි යුගළය, අක්මාව සහ වකුගඩු දන්දීම ඊයේ (24) සිදු කෙරිණි.

 

අනුරාධපුර රඹෑව, කෑදෑව, සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි උපේක්ෂා සඳමාලි සේනාරත්න (21) නමැත්තියගේ අවයව මෙසේ පරිත්‍යාග කරන ලදී.
 

දිවයිනේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සැල් ජාලයක අනුරාධපුර ශාඛාවේ, වෙළෙඳ සේවිකාවක ලෙස සේවයේ නිරතව සිට ඇති ඇය ඉකුත් (08) රඹෑව මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමෙන් පසු පසුදා (9) අලුයම නිවසට යාමට සූදානම් වූ අවස්ථාවේදී කැබ් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා තිබිණි.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23) ජීවිතක්ෂයට පත්වූවාය.

 

ඇගේ පියා වන විශ්‍රාමික කෘෂිකර්ම පර්යේෂණ සහකාර වරයෙකු වූ, සී.එම්. සේනාරත්න මහතා සඳහන් කළේ, සිය දියණියගේ අවසන් කැමැත්ත අනුව ඇගේ අක්ෂි යුගළය, වකුගඩු සහ අක්මාව පරිත්‍යාග කළ බවයි.

 

views

514 Views

Comments

arrow-up