කෝටිපති මැණික් ව්‍යාපාරිකයා හරක් මරා මාට්ටු - බේරෙන්න කල දේවලුත් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

කෝටිපති මැණික් ව්‍යාපාරිකයා හරක් මරා මාට්ටු - බේරෙන්න කල දේවලුත් එළියට

කෝටිපති මැණික් ව්‍යාපාරිකයා හරක් මරා මාට්ටු - බේරෙන්න කල දේවලුත් එළියට

කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු විසින් වැලිපැන්න ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වැටලූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය එම මැණික් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු පෙරේදා (26 ) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

 

සොරා ගන්නා ලද මී ගවයන් 13 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම්කර සිට ඇති අතර එම සතුන් ද පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් කෝටිපති මැණික් ව්‍යාපාරිකයා බේරාගැනීමට හිටපු ජනාධිපතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිස් නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇත.

 

එම බලපෑම් හමුවේ නොසැලී කටයුතු කළ පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ 3ක අල්ලස් මුදලක් ඒ මොහොතේම ලබාදී බේරී යෑමට මැණික් ව්‍යාපාරිකයා දැඩි උත්සහයක් ගත්ත ද එය ද ව්‍යාර්ථ වී තිබේ.

 

පොලිසියට බලපෑම් කළ හිටපු ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දේශපාලනඥයකු බවද වාර්තා වෙයි.

 

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු ඔත්තුවකට අනුව පෙරේදා අලුයම මෙම වැටලීම කර තිබිණි.

 

වැලිපැන්න පොලිසියට මීටර් 800ක් පමණ ආසන්නයේ පිහිටා තිබූ මෙම හොර හරක් ඝාතකාගාරය දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත්තේ ඇතැම් පොලිස් නිලධාරින්ගේ ද ආශිර්වාදය මැද්දේ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

මෙම ගව ඝාතනාකාගරය පවත්වා ගෙන ගිය මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයා සංවිධානාත්මක කණ්ඩායමක් යොදාගෙන තිස්සමහාරාම, හම්බන්තොට ඇතුළු ප්‍රදේශ ගණනාවකින් මීගවයින් සොරාගෙන දක්‍ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ එම සතුන් ප්‍රවාහනය කර වැලිපැන්න ගව ඝාතකාගාරය වෙත රැගෙන එන බව විමර්ශනවලින් හෙළිවී ඇත.

 

දේශපාලනඥයන් ඇතැම් උසස් පොලිස් නිලධාරීන් සමග සමීප සබඳතා පවත්වාගෙන යමින් මොහු මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට කරගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.

views

267 Views

Comments

arrow-up