කැලෑවක් මැද ජයටම ගත් අපූරු වෙඩිම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

කැලෑවක් මැද ජයටම ගත් අපූරු වෙඩිම (PHOTOS)

කැලෑවක් මැද ජයටම ගත් අපූරු වෙඩිම (PHOTOS)

පදවිය පුල්මුඩේ පාර හතේ කණුව ඌරෑව ප්‍රදේශයේ මහා වනාන්තරයක් මැද සිදු කළ අපූරු විවාහ මංගල උත්සවයක් පිළිබඳ වාර්තා වෙයි.



පෙරේදා (21) මෙම විවාහ මංගල උත්සවය ස්වාභාවික සම්පත්වලින් අනූන, සොබා සිරිය දසතින් පැතිරෙන, විහඟුන්ගේ මිහිරි නාද රටා මැද්දේ, ඌරෑව ප්‍රදේශයේ මහා වනස්පතියක් තුළ පැවැත්විණි.


මංගල උත්සවය පරිසරයට හිතකාමී මෙන්ම ගත සිත අමන්දානන්දයට පත් කරන ගස්, වැල්, මුල්, පොතු, මල්, කොළ සහ වියළි පරඬැල් ආදිය මනාව සංකලනය කර අලංකාරව සකසා තිබුණි. කෘත්‍රිම ගෘහ භාණ්ඩ කිසිවක් මෙහි දක්නට නොලැබීම විශේෂත්වයකි.

 

වන සම්පතට කිසිදු හානියක් නොකර මංගල පෝරුව ප්‍රධාන කොට ගත් සෙසු සිරිත් විරිත් වෙනුවෙන් භාවිත කරන සියලු අංගෝපාංග නිර්මාණය කර තිබුණේ වනාන්තරය තුළින් ම සොයා සපයාගත් සම්පත් තුළින් වීම ද තවත් විශේෂ කරුණකි.



ගහ  කොළ, ඇළ  දොළ, සතා  සිවුපාවා යන දර්ශන නෙත් මානයට ගෙන එමින් පැවැත්වූ මෙම මනරම් විවාහ මංගල උත්සවයේ පතිපතිනි යුවළ වූයේ ශ්‍රීපුර පදිංචි නඳුන් චතුරංග සහ කොලොංගොල්ලේ පදිංචි රජුනිකා දසාංජලි යන කුල කුමරා සහ කුල කුමරියයි.



මනමාලියගේ පියා වන සමන්ත ප්‍රේමලාල් මහතාගේ සංකල්පයක් මත මෙම ආදර්ශවත් විවාහ උලෙළ සිදු කළ බව එම ඥාතීහු පැවසූහ.

 

සොබාදහම අපට දීලා තියෙන දායාදවලට පයින් ගහන සර්ව පිත්තල ලෝකවල ජීවත් වෙන මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න තමයි මං මේ වගේ උත්සවයක් කරන්න හිතුවේ යැයි සමන්ත ප්‍රේමලාල් මහතා පැවසීය.



මෙම විවාහ උත්සවයට දෙපාර්ශ්වයේ ඥාතීහු තුන්සියයක් පමණ සහභාගි වී සිටියහ.  

 

 

views

265 Views

Comments

arrow-up