වෘත්තීය ජීවිතය අවසන් කිරීම නිමිත්තෙන් ඇන්ඩි මරේට කේට් මිඩ්ල්ටන්ගෙන් පුද්ගලික පණිවුඩයක්

කේට් මිඩ්ල්ටන් විසින් සුපිරි ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ වෙනුවෙන් සුවිශේෂී පණිවුඩයක් තබා තිබුණා.
ඒ, ඔහු පසුගියදා සිය 'විම්බල්ඩන් වෘත්තීය ජීවිතය' අවසන් කිරීම නිමිත්තෙන්.
කේට් කුමරිය විලියම් කුමරු සමඟ විවාහ වූ දා සිට සෑම වසරකම විම්බල්ඩන් සඳහා සහභාගී වී තිබෙනවා.
කේට් කුමරිය ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන ලැදියාව හරි සුවිශේෂී එකක්.
ඒ නිසයි ඇය නිල රාජකීය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ, වසර ගණනක් තිස්සේ මිතුරුව ඉන්න ඇන්ඩි මරේ වෙනුවෙන් තබන ලද සඳහනත් විශේෂ වෙන්නෙ.
"ඇදහිය නොහැකි විම්බල්ඩන් ක්‍රීඩා දිවිය අවසන් වේ.
ඔබ ඉතා ආඩම්බර විය යුතුය @andymurray.
අප සියලු දෙනා වෙනුවෙන්, ස්තූතියි!" ඒ ඇය මරේ වෙනුවෙන් තබන ලද සටහනයි.
37 හැවිරිදි මරේ ජූලි 5 වන සිකුරාදා ඔහුගේ අවසන් විම්බල්ඩන් තරගයට ක්‍රීඩා කරනු ලැබුවා.
එහිදී ඔහු හැඟීම්බරව ඔහුගේ විශ්‍රාම ගැනීම ගැනත් කතා කර තිබුණා.
"ඒක අමාරුයි, මොකද මම දිගටම ක්‍රීඩා කරන්න කැමතියි. නමුත් මට නොහැකියි.
ශාරීරිකව, දැන් එය ඉතා අපහසුයි...''
201 Views
Comments