කොස් ගෙඩියක් කඩාගත්තැයි උරණවූ අජාසත් පුතා තම මවට දුන් දඩුවම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

කොස් ගෙඩියක් කඩාගත්තැයි උරණවූ අජාසත් පුතා තම මවට දුන් දඩුවම

කොස් ගෙඩියක් කඩාගත්තැයි උරණවූ අජාසත් පුතා තම  මවට දුන් දඩුවම

මොනරාගල, දොඹගහවෙල පොලිස් බලප්‍රදේශයට අයත් හෙරලි ගස්යාය ප්‍රදේශයේ දී ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් මවට ඇගේ බාල පුත්‍රයා විසින් අමානුෂික ලෙස පහර දී තිබේ.

 

පහරදීම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මේ වනවිට අදාළ මව ව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

 

පහරදීම සිදුකළ සැකකාර පුත්‍රයා මේ වන විට ඔහුගේ බිරිඳ සහ දරුවාද සමඟින් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුට මව සහ පියා විසින් ඉදිකළ නිවස සහ ඉඩම ද ලබා දී තිබේ.

 

ඒ අනුව මව්පියන් කුඩා නිවසක් ඉදිකර ගෙන එම වෙන්ව ජීවත්ව ඇත.

 

රාත්‍රි ආහාරය වෙනුවෙන් ඉඩම ආසන්නයේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩා ගැනීමට උරණ වූ මෙම පුත්‍රයා විසින් මවට විදුලි පන්දමකින් පහර දී  තිබේ.

 

පහරකෑමට ලක්වූ මවට දරුවන් තිදෙනෙකු සිටින අතර පහරදුන් පුත්‍රයාට ද දරුවෙක් සිටි.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

views

362 Views

Comments

arrow-up