“අහුවෙන්න කලින් දෙපාරක් හිතන්න” - තමන්ගෙ නමින් කෙරෙන ව්‍යාජ වැඩක් ගැන දිනක්ෂිගෙන් දැනුම්දීමක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

“අහුවෙන්න කලින් දෙපාරක් හිතන්න” - තමන්ගෙ නමින් කෙරෙන ව්‍යාජ වැඩක් ගැන දිනක්ෂිගෙන් දැනුම්දීමක් (PHOTOS)

“අහුවෙන්න කලින් දෙපාරක් හිතන්න” - තමන්ගෙ නමින් කෙරෙන ව්‍යාජ වැඩක් ගැන දිනක්ෂිගෙන් දැනුම්දීමක් (PHOTOS)

ජනප්‍රිය චරිත මුහුණ දෙන අභියෝග අතර, ප්‍රධානම එකක් තමයි 'ඔවුන්ගේ නම්වලින් කෙරෙන ව්‍යාජ වැඩකටයුතු'

 

එවන් ඇතැම් වැඩ ගැන සමහර අවස්ථාවලදී ඒ ඒ ජනප්‍රිය චරිත ද නොදන්නා තරම්.

 

කොහොම නමුත් යම් අවස්ථාවක තමන් ඒ ගැන දැනුවත් වුණොත්, 'එය ව්‍යාජ වැඩක් බවට' සමාජය දැනුවත් කිරීම හරි වටිනවා.

 

ජනප්‍රිය නිළි දිනක්ෂිගෙ ෆේස්බුක් පිටුවෙත් එවන් දැනුවත් කිරීමක් කරලා තිබුණා.

 

ඒ ඔවුන්ගේ ඡායාරූප යොදාගෙන මුදල් ලබාදෙන බවට කෙරෙන ව්‍යාජ කටයුත්තක් පිළිබඳව...

 

''FAKE ALERT ‼️

මේ වගේ බොරු වැඩ වලට අහුවෙන්න තරම් ඔයාලා මෝඩ නෑ කියලා හිතපු නිසයි මෙච්චර කල් post එකක් දැම්මෙ නැත්තෙ...

ඒත් ගොඩාක් අය හරකාගෙ පින්තූරෙ නැවැත්තුවා කියලා messages එවන නිසයි මේක දාන්නෙ...

මේවා ඔක්කොම ඔයාලව පාවිච්චි වෙන එක එක මිනිස්සු කරන හොර ජාවාරම්...කූට වැඩ...

ඒ නිසා හැමෝම මේවට අහුවෙන්න කලින් දෙපාරක් හිතන්න.. පරිස්සමෙන්...''

 

views

249 Views

Comments

arrow-up