“ආදරේ කියලා ආව තැන්වලින් සීයට අසූවක්ම වෙලා තියෙන්නේ බොරුව” - ජනප්‍රිය නිළි පියුමි බොතේජු ආදරේ ගැන කියන කතාව

ජනප්‍රිය නිළි පියුමි බොතේජු කියන්නෙ කවදත් කාගෙත් ආදරය, ආකර්ෂණය දිනූ තාරකාවක්.
මෑතකදී ඇය ආදරේ ගැන හරි විවෘතව කතා කරලා තිබුණා.
ඒ, පුවත්පත් සාකච්ඡාවක් හා සම්මුඛ වෙමින්....
''...මම ඊයේ පෙරේදා දවසකත් තනියම කල්පනා කළා ඇයි මට මෙහෙම වෙන්නේ.
මම හැමෝම එක්ක ආදරෙන් විවෘතව ඉන්න කෙනෙක්.
සමහර වෙලාවට මගේ මේ විවෘතභාවය නිසාම ද මගේ ජීවිතේට මටම ආදරේ කරන කෙනෙක් හමුවෙන්නේ නැත්තේ කියලත්.
සමහර බැඳීම් ඇතුළේ මට සිද්ධ වුණේ රැවටෙන්න.
ඒ නිසා සමහර අවස්ථාවල මම ආදරේ ගැන දෙපාර තුන්පාර හිතුවා.
ඒ නිසාම මට අවංක ආදරයක් මඟ හැරුණ ද කියලත් හිතෙනවා.
අදටත් තනියම ඉන්න වෙලාවට පාළුවක් දැනෙනවා.
තව කෙනෙක්ගේ ආදරයක් රැකවරණයක් වගේම සොයා බැලීම වගේ ඒ දේවල් මට මිස් වෙනවා...''
''ආදරේ කියලා ආව තැන් වලින් සීයට අසුවක්ම වෙලා තියෙන්නේ බොරුව.
එතැන ආදරයක් නෙවෙයි තිබිලා තියෙන්නේ.
මගෙන් ආලෝකයක් ලබා ගන්න ඕනේ නිසා හෝ එයාගේ දේවල් සපුරා ගන්න තියෙන උවමනාවට මාව ඉත්තෙක් කරගෙන තියෙනවා.
මම කියන්නේ පුද්ගලයාට ආදරේ කරලා බලන්න ඕනේ.
එහෙම නැතුව එයාගෙන් එහා තියෙන එයාට තියෙන දේවල් වලටවත් එයා ඉන්න තලයටවත් නෙවෙයි ආදරේ කරන්න ඕනේ.''
උපුටාගැනීම - රසඳුන
1103 Views
Comments